Saturday, December 3, 2011

මොනිටරයෙන් 3D ෆිල්ම් බැලීම

37 නෙක් මොනවදෝ කියලා ගිහින්

දැන් අලුතෙන් එන ෆිල්ම් බොහොමයක් නවතම තාක්ශණය වෙන 3D තාක්ශණයත් එක්කනේ එන්නේ. ඉතින් අපට කොහෙන්ද 3D ටීවී, 3D මොනිටර. යාන්තන් ලංකාවේ පළවෙනි 3D ෆිල්ම් හෝල් එකත් ඊයෙද කොහෙදෝ මැජෙස්ටික් එකේ විවෘත කළේ. ඒත් ඉතින් මම හෝල් වලින් ෆිල්ම් බලනවා කියලයෑ. 3D ටීවී එකක් දැක්කෙත් BMICH එකේ තිබ්බ ප්‍රදර්ශණයකින්. එදා මාර ආසාවක් ඇති උනා ඒකටනම්. 

ඔය ගැන හිත හිතා ඉන්නකොටම අනන්තය ලියන අනුරාධ දවසක් කිව්වා මිනිහා 3D වීඩියෝ වගයක් බැලුවා කියලා මොනිටරෙන්. ඊයේ පෙරේදා මටත් හිතුනා අත්හදා බලන්න. දවස් දෙකක් විතර ට්‍රයි කරලා වැඩේ ගොඩ දාගත්තා ඕන්.

මෙන්න මෙහෙමයි මම 3D ෆිල්ම් බැලුවේ මොනිටරෙන්.
මුලින්ම 3D වීඩියෝ බලන්න නම් 3D කණ්නාඩියක් ඕනනේ. ඕවා ඉතින් ලංකාවේ ගන්න නෑනේ අඩු මුදලට. ඒ නිසා මමම එකක් හදාගත්තා. ඒක හදාගන්නේ කොහොමද කියලා මෙන්න මෙතනින් බලාගත්තේ.  ඔතන තියන පේපර් වර්ශන් එක තමා මම හදාගත්තේ. මාර්කර් පෙන් වලින් ට්‍රයි කලා. ඒක හරිගියේ නෑ. සෙලෝපේන් කඩදාසි දෙකක් අරන් වැඩේ ගොඩ දාගත්තා. රුපියල් 40යි ඒකට ගියේ. 

කණ්නාඩි හදාගත්තට, 3D ෆිල්ම් එකක් තියෙන්න එපැයි බලන්න. ඒකත් ටොරන්ට් මාර්ගයෙන් බාගත්තා. කොපිය බාගන්නකොට තෝරාගන්න ඕනා Anaglyph කියන වර්ගේ ඒවා. මම බෑවේ මෙන්න මේක.

මේවා බලනවනම් සමහර කොපිවලට විශේෂ ප්ලේයර් එකක් ඕනා වෙනවා. ඒත් මම බලපු Avatar ෆිල්ම් එකනම් KM ප්ලේයර් එකෙත් පේනවා. Stereoscopic Player එක තමා ටොරන්ට් එක දෙන අය අනුමත කරන්නේ. ඒක සල්ලිවලට ගන්න තියන එකක්. මෙන්න මෙතන තියනවා ඒකේ ක්‍රැක් කල එකක්. බුකියේ සමන් රත්නායක මහත්තයගේ දැනුවත් කිරීමකින් PowerDVD 11 එකත් ටෙස්ට් කරලා බැලුවා. ඒකෙත් නියමෙට පේනවා. ඒකේ ෆ්‍රී ඇක්ටිවේටඩ් කොපියක් තියනවා මෙතන. PowerDVD 11 වල නම් සාමාන්‍ය වීඩියෝ පවා 3D විදියට බලන්න පුළුවන් කණ්නාඩියක් තියේනම්...

එක එක ප්ලේයර්වල, එක එක ෆිල්ම් කොපිය අනුව සෙටින්ග්ස් හදාගන්න වෙනවා ප්ලේයරේ. ඒක අමාරු වෙන එකක් නෑ ටික වෙලාවක් ඒකත් එක්ක දඟලද්දී.

ෆිල්ම් එකත් බාගත්ත නම් දැන් බලන්නයි තියෙන්නේ.



ෆිල්ම් ටිකක් බාගන්න පාරවල් ටිකකුත් පෙන්වන්නම්කෝ මෙහෙමම.

Tuesday, January 4, 2011

ජීවිතය ගඟක්ලු....

21 නෙක් මොනවදෝ කියලා ගිහින්
ජීවිතය ගඟක් වගේලු
කඳුහෙල් අතරින්
වන තුරු මැදින්
ගලනවා වගේලු...

ඒක එහෙමයි කියමුකො...

ඒත් ඉතිං
නිදහසේ ගලාගෙන යන්න
කොහෙද ඉඩක්
වෙන උන් ඇවිත්
බැමි බැඳලා
උමං හාරලා
වෙන පැතිවලට හරවනවනේ
ඒක උන්ගේ දෙයක් වගේ....

ඉතිං කොහොමද
ඔය කියන ගඟක ලස්සණ
ජීවිතේ ඇතුලේ දකින්නේ....

Thursday, October 14, 2010

මගේ නොවන නිසාවෙන්...

9 නෙක් මොනවදෝ කියලා ගිහින්

ආසයි මම 
රැකගන්න ඔබ
මගේ ලොව තුල...
නුඹට අයිති ලොව
මගේ සුරත නොවන වග
දැන දැනම සිරකලත්...
හැකිය නුඹහට
පැමිණිවිට කාලය
ඉගිල යන්නට 
නුඹේ ලෝකෙට...


Wednesday, October 13, 2010

අපේ එක්වීම...

9 නෙක් මොනවදෝ කියලා ගිහින්

අන්ත දෙකක උනාට
ලංවෙන්න වෙනවා අපිට
අන් අයගෙ උවමනාවට
ඒ අයගේ කැමැත්තට....

Sunday, September 26, 2010

පරිස්සමින්...!

9 නෙක් මොනවදෝ කියලා ගිහින්
ඉහලයන්නේ බලාගෙනයි

ගුරුත්වය තියෙන්නේ පහළටයි...

ගිලිහුණොත් අත්වැල

මහ පොළව හරිම ගණකමයි...

ඒක කිව්වේ 

උඹේම හොඳටයි... 

Thursday, September 9, 2010

ගහකොළ හා සංවර්ධනය....

9 නෙක් මොනවදෝ කියලා ගිහින්
ගහකොළ අපේ ජීවිත වලට කොච්චර සමීපද...?

මට මේක එකපාරම මතක් උනේ සති අන්තේ ගෙදර යනකොට පාර දෙපැත්තේ ප්‍රාණය නිරුද්ධ වෙලා,වේලිලා, දරදඬුවෙලා ගිහිල්ලා තියන මහා රූස්ස ගස් සෑහෙන ප්‍රමාණයක් දකිනකොටයි...

ලංකාව සංවර්ධනය විය යුතුයි. මංමාවත්, ගොඩනැගිලි ඉදිවෙන්න ඕනා තමා. ඒත් මෙහෙම....

ඒ විදියට වෙන්න ඕනා කියලා හිතන සංවර්ධන ක්‍රියාවලියක් නිසා සිදුවෙන විනාශයක් තමයි මම අර කිව්වේ....

පොඩිකාලේ ඉඳන්ම ලංකාවේ පාරවල් වලින් (ගිහිල්ලා තියන) මම ආසම පාර මොකද්ද කියලා ඇහැව්වොත් මම කියන්නේ, මේ දවස්වල ඒ සංවර්ධන ක්‍රියාවලියට ලක්වෙන මේ මාර්ගය තමයි...

කෙළින්ම බැලුවාම කිලෝමීටරයක් එහෙම නැත්තම් භාගයක් විතර ඈතට පෙනෙන පාර හරියට බිංගෙයක් මැදින් යන එකක් වගේ මටනම්... පාර දෙපැත්තෙම අතුපතර විහිදුන මහා රූස්ස ගස් පෝලිමට...පාර මැදට ගිහින් උඩ බැලුවාම අහස නොපෙනෙන තරම්. හොඳට කර්කශ විදියට හිරුපායන ඉසව්වක් උනත් තද රස්නයක් දැනෙන්නේ නෑ ඒ තුරු සෙවණ නිසා....(හැබැයි මම මේ කිව්ව දේ මට විතරද දන්නේ නෑ දැනිලා තියෙන්නේ)

හිතාගන්න පුළුවන්ද මේ කොහේ ඉඳන් කොහේට යන පාරක්ද කියලා.

57.... මාර්ග අංක 57...
පාදෙණිය අනුරාධපුර මාර්ගය...

කොළඹ ඉඳන් අනුරාධපුර යනවනම් ප්‍රධාන පාරවල් කීපයක්ම තියනවනේ...

  • පුත්තලම හරහා
  • නුවර හරහා
  • කුරුණෑගල හරහා

ඉතිං, ඔය කුරුණෑගල හරහා ගිහිල්ලත් දෙවිදියකට යන්න පුළුවන්නේ.එකක් තමයි දඹුල්ල හරහා. අනික වාරියපොළ,පාදෙණිය හරහා යන එක.ඔන්න ඔය දෙවනියට කිව්ව එක තමා මට අර කිව්ව විදියට ලස්සනට පෙනුණේ.ඒත් දැන් ඒ ලස්සන....?

නව සංවර්ධන ව්‍යපෘතියක් නිසා ඒ දැවැන්ත ගස් බිම හෙලලා. මුල් පිටින්ම ගලවලා අයිනකට දාලා. දැන් ඒ පාරේ යනකොට අර ලස්සනත් නෑ. සිසිලසත් නෑ.

එක අතකින් අපි රට සංවර්ධනය විය යුතුයි කියලා හිතනවනම් මේවා මේ විදියට බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒත් මේ තරමට....?

කොහොම හරි ඒ බිමවැටුණ මහා රූස්ස ගස්වලට අයිතිවෙලා තිබ්බ මහපොළව මතින් දිවයිනේ ප්‍රථම පාපැදි මංතීරු සහිත මහාමාර්ගයක් ඉදිවෙනවා ලහිලහියේ.

මට දුක බයිසිකලේ පැදගෙන යන මිනිහට පට්ට අව්වේ දාඩිය දාගෙන බයිසිකල් පදින්න වෙන එක ගැනයි...



මම මෙහෙම දුක් උණාට එක අතකින් බලනකොට මමත් මේ වගේම දේකට දායකවෙනවා. ඒකත් අරවගේම සංවර්ධන ක්‍රියාවලියකටම තමයි. ඒවා නිසා රක්ෂිතවල පවා රූස්ස ගස් බිමහෙලන්න වෙලා තියනවා. ( හෝව් හෝව්... රජයේ අනුමැතිය ඇතිවයි ඒවා වෙන්නේ...හොරෙන් එහෙම නෙමෙයි ඕන්...)

මේ දවස්වල එහෙම ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් සිරිපා අඩවිය කෙළවරක. අනික වැල්ලවාය ප්‍රදේශයේ. ලංකාවේ බලශක්ති අවශ්‍යතාවය සපුරන්න ඒ කටයුතුත් කළයුතුම වෙනවා.

ඉතිං අන්තිමට මට තේරෙන්නේ රට සංවර්ධනයට අපි සහභාගි වෙනවනම් පරිසර විනාශයටත් අනිවාර්යෙන්ම දායක වෙනවා කියලා තමයි...

Tuesday, August 3, 2010

ආයෙමත්....

15 නෙක් මොනවදෝ කියලා ගිහින්

උඹ පාගලා
බිම දාලා ගිය
මගෙ හද
මම හෝදලා මිරිකලා
වේලෙන්න දැම්මා...

ඒත් අමතක උනා  මට
වැස්සට කලින් අරගන්න...
තෙතබරිතවෙලා 
බිමට වැටිලා ආයෙමත්...

Saturday, July 3, 2010

ඇයි....?

16 නෙක් මොනවදෝ කියලා ගිහින්
නුඹ

මගේම උනාට

වෙනස් වෙන්නේ නම්

වෙන කාගේදෝ

උවමනාවට...

Thursday, June 24, 2010

අතරමං වෙලා මං....

9 නෙක් මොනවදෝ කියලා ගිහින්
             මා සිත් අහසේ සඳ පායා තිබුනත්
        තරු කැටයක් වි නුඹ මසිත තවත් එළිය කලා...


       මහ මුහුදට මා හිමිකම් කීවත් 
       පොද වැස්සක් වී නුඹ මා පවස නිවූවා...


       මල් යායක මා තනිවි සිටියත් 
       නුඹ සුදු මලක් ව මා හිස සැරසූවා...


        මහමෙරක පෙමක් මගෙ සිත වින්ඳත්
        නුඹ සෙනෙහස යදිමින් සිත ඉකිබින්දා...





Monday, June 7, 2010

ඇවිත් යන්න එන්න....

13 නෙක් මොනවදෝ කියලා ගිහින්


හෙමින් හෙමින් 
මගේ ලඟට 
ටිකෙන් ටික 
දෝරේ ගලාවිත්
සනහා මගේ ගත....

විටෙක බෝ කල් 
හමුවන්න නාවත්
පමණටත් වැඩියෙන්
මා ලඟ 
විටෙක දැවටුන....

මා ලඟින් සිටි 
සැමගේ රිදවා හදවත්
තලා පොඩිකර 
යන්න ගිය ඔබ....

බලා ඉන්නවා තවමත්
එනතුරු මගේ ලඟට
වියැකෙන්නට හැර
ඒ අතීතය...

කම්නෑ ආවාට
නිරිත දිගින් හෝ
ඊසාන දිගින්...