Sunday, June 21, 2009

ඔබේ බ්‍රව්සරයේ තැන දන්නවාද ?


අන්තර්ජාලයේ සැරිසරන විට අපි හැමෝටම අවශ්‍ය වෙන්නේ වේගය,ආරක්ෂාව හා නිවැරදිතාවය.
ඉතිං මේ කියන්න යන්නේ අපි භාවිතා කරන බ්‍රව්සරය වේගය අතින් අනෙක් බ්‍රව්සර අතරේ ඉන්නෙ කොතැනද කියලා හොයලා බලන ක්‍රමයක් ගැන. මේ පිළිබඳව සොයාබලා තියෙන්නේ www.psgameshardware.com යන වෙබ් අඩවිය.මේ සඳහා ඔවුන් IE 6, 7 and 8, Mozilla Firefox 2.0, 3.0.11 and 3.5b99, Opera 9.6 and 10, Safari 3.1.1 and 4.0, Chrome 1.0, 2.0 and 3.0 යන බ්‍රව්සරයන් යොදාගෙන තියනවා.ඉතිං ඒකෙන් ඉදිරියෙන් ඉන්නෙ සෆාරි වෙබ් බ්‍රව්සරය.
මම භාවිතා කරන Chrome 2.0.181.1 දෙවැනිතැන ඉන්නවා.


මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ Peacekeeper,Sunspider and Acid යන වෙබ් අඩවි. පහළින් තියෙන්නේ එහි ප්‍රතිඵල කීපයක්...







මේ අද ලකුණු සටහන....


මේ මගේ බ්‍රව්සර්යේ අද ලකුණු සටහන....


ඔබේ බ්‍රව්සරය ගැන දැනගන්න මෙතෙන්ට යන්න.

7 comments:

  1. මේකෙ පලවෙනි තෑන තියෙන එක ඒ තරම් ජනප්‍රිය නොවෙන්න හේතුව මොකද්ද?

    ReplyDelete
  2. දැනට මම බාවිතාකරනේ Chrome 3.0.x මේක ගොඩක් වේගවත්, Chrome 2.0.x වලට වඩ්ඩා... පොඩක් ඒකට මාරු වෙලා බැලුවනම් හොදයි.

    ඔය Chrome හා Safari දෙකම යොදාගන engine එක webkit එක. ඒකයි දෙකම එකම වේගයන් පෙන්නනේ, JS වලින්නම් Chrome ඉදිරියෙන්.

    ReplyDelete
  3. මට නම් සෆාරි ඇල්ලුවෙ නැහැ. පුරුදු ක්‍රෝම් හොඳයි. ඒත් තාම ක්‍රෝම් ලිනක්ස්වලට නැති නිසා ගිනි නරිය තමයි පාවිච්චිය. ඔය රෑන්ක් එක සයිට් එකෙන් සයිට් එකට වෙනස් වෙනවා නේද?

    ReplyDelete
  4. මම නම් Opera තමයි. ඔපෙරාට ජය වේවා.....

    ReplyDelete
  5. Fire fox 3.6(minefield)
    Opera 10 beta2

    They are out now still in testing but pretty stable. Fire fox minefield is the fastest browser yet you should try that.

    ReplyDelete
  6. ඔය ක්‍රමයෙන් browser එකේ stability එක බලන්න බෑ නේද?
    Opera වල යුනිකේත හරියට දිස් වෙන්නෙ නැති නිසා Opera පාවිච්චි කරන්න අදහසක් නෑ. Chrome පාවිච්චි කරන්න නම් තව කාලයක් පෙරුම් පුරන්න වෙයි. මොකද Chrome ලිනක්ස් වෙළුමෙත් complex script සහය දක්වන්නෙ නැති නිසා.

    ReplyDelete
  7. අපි නම් ඉතින් ගිනි නරියාම තමයි.ගිනි නරියා අපිට, අපි ගිනි නරියාටග

    ReplyDelete