Saturday, June 27, 2009

අවසරයි සමුගන්න ඔබට....




නොසිතූ මොහොතක
නොසිතූ ලෙස
ඔබ ආවා මා වෙත
ඇය මගේ යැයි කියා...
නොසිතූ මොහොතක
නොසිතූ ලෙස
ඔබ යලිදු ආවා මා වෙත
ඇගේ දුක මගේද කියා...
නොසිතූ මොහොතක
නොසිතූ ලෙස
ඔබ නැවතත් ආවා මා වෙත
ඈ මගෙන් වෙන්ව ගිය බව කියා...
ඉතින් කඳුල,
සමුගන්න මගෙන්
නොඑන්නට කිසිදිනක ආයේ.....

3 comments:

  1. කදුලක බර . . . .

    දැන සිටියා නම් මා. . .
    ඔබ මෙතරම්
    වේදනාකාරී බව . . .

    ගිනි මද්දහනක
    ඇග හීගඩු නOවන තරම් . . .
    සීතල බව . . .

    පාලු සීතල රාත්‍රියක
    හද සිදුරු කරන
    රත්වූ යවටයක් මෙන්
    ගිනියම් බව. . .

    අනේ නෑ මා පෙම් කරන්නේ නම් . . .
    දැන සිටියානම්
    කදුලක ඇති උසුලාගත නොහැකි බර. . .

    ReplyDelete
  2. හැම හමුවීමකම අවසානය වෙන්වීම නම් මොකට මේ ලෝකෙට ආදරේ ආව ද මංදා...?

    ReplyDelete
  3. ලස්සන නිර්මාණයක්..!

    ReplyDelete