Sunday, July 5, 2009

ඉංජිනේරුවෙකු වෙන්න කැමතිනම්........


ගිය සති අන්තයේ උසස් පෙළ කඩඉම් ළකුණු ප්‍රකාශයට පත්වුනා.විභාගය සඳහා 130,236 වාඩිවුනා.විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබුවේ 46,010. නමුත් අපේ රටේ තියන පහසුකම් මත 20,270 ට පමණයි වරම් ලැබෙන්නේ කැම්පස් එකකට යන්න.

මේක කියවන කෙනෙක් හෝ තමන් දන්න අඳුනන කෙනෙක් හෝ ඉන්නවනම් උසස් පෙළ විභාගය අවසන් කර (ගණිත අංශයෙන්) ඊලඟට කුමක් කරන්නද කියා සිතමින් ඉන්න,වැදගත් වෙයි මේ ආරංචිය.(ප්‍රතිඵල නම් යම් දුරකට සතුටුදායක වියයුතුයි )

2009/2010 අධ්‍යයන වර්ෂය සඳහා උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව (Higher Nationala Diploma in Enginnering - HNDE ) සඳහා සිසුන් බඳවාගැනීමට අදාල ගැසට් නිවේදනය 2009-07-03 දින පළකෙරුනා.

උසස් අධ්‍යාපන අමත්‍යාංශය යටතේ පාලනය වන උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව ඉංග්‍රිසි මාධ්‍යයෙන් පැවැත්වෙන පූර්ණකලීන තුන් අවුරුදු න්‍යායික හා හය මාසික වැඩබිම් පුහුණුව ඇතුලත් පාඨමාලාවක් වන අතර සිවිල්,විදුලි හා යාන්ත්‍රික යන විශේෂිත ඉංජිනේරු ක්ශේත්‍රයන්ගෙන් සමන්විත වේ. උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා සහතිකය,ලන්ඩන් ඉංජිනේරු මණ්ඩලයේ CEI (ලන්ඩන්) විභාගයේ පළමු අදියරෙන් නිදහස් වීම සඳහා සුදුසුකමක් වන අතර එමගින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ප්‍රථම විභාගයෙන් නිදහස් වීම සඳහා ද එය සුදුසුකමක් වනු ඇත.

මේ හැරුණු විට දකුණු ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ (University of South Australia) සිව් අවුරුදු ඉංජිනේරු පාඨමාලාව (B.Sc.) උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා සහතිකයේ සුදුසුකම් පහත දැක්වෙන පරිදි ඇගයීමට ලක්වී ඇත.

1. යාන්ත්‍රික ඉංජිනේරු ක්ශේත්‍රය සඳහා - වසර 2 ක නිදහස් කිරීමක් ද,

2. සිවිල් ඉංජිනේරු ක්ශේත්‍රය සඳහා - වසර 2 ක නිදහස් කිරීමක් ද,

3. විදුලි ඉංජිනේරු ක්ශේත්‍රය සඳහා - වසර 1 1/2 ක නිදහස් කිරීමක් ද සිදු කරයි.

මෙම පාඨමාලාවේ විෂය නිර්දේශ,භෞතික හා මානව සම්පත් ඔස්ට්‍රියා හා නෙදර්ලන්ත රාජ්‍යයන්ගේ අනුග්‍රහය යටතේ සංවර්ධනය වේ.

මීට අයදුම් කිරීම සඳහා අවශ්‍යය වන්නේ උසස් පෙළ ගණිත අංශයෙන් විෂයන් තුනක් සමත්වීම හා සාමාන්‍ය පෙළ ඉංග්‍රිසි විෂයට සාමාර්ථයක් ( S ) ලබා තිබීමයි.

මේ තියෙන්නේ ගැසට් නිවේදනය.


11 comments:

  1. ඉස්සෙලම කියන්න ඔයා මෙකෙ ඉගෙන ගන්නවද නත්නම් දන්න කෙනෙක් හරි මෙකට ගියද කියල
    මම මෙ course එකට ගිහිල්ල මස 6 කුත් ඉඩල අස් වෙල අව අ මොකඩ කියනවනම් පටමලවෙ ටියන හොඩකම නිසත් අ අවට වටපිටවෙ ටියන මනුශික බව නිසත්
    ඉස්සෙල්ලම කියන්නෙ මෙකෛ මන් ටරහින් වත් කවෘ හරි ඩියුනු වෙවි කියල ඉරිසියවෙන්වත් නෙමෙ මෙ ඩෙ කියන්නෙ
    මෙකෙ උගන්වස්න ස්ය්ලබුස් එක උප්ඩටෙ කරල න කවඩවත් අ කියන්නෙ 1986 පටන් ගත්ත කලෙ ටිබුන ස්ය්ලබුස් එකම ටමෛ ටම ටියෙන්න්
    චේ පර්ට් 1 රෙලේසෙ වෙනව කියල අපිත් මුලදි හිටන් හිටිය ටම පස්සෙ එක නොවෙන බව ඩන ගන්හිද්දි අපෙ හිටට අති වුනෙ කල කිරීමක් එක්ක මුසු වුන දුකක්

    ReplyDelete
  2. @susantha
    මම මෙහි ඉගනගත්, ඒනිසා අද හොඳ රැකියාවක් කරන කෙනෙක්.
    අවට මානූෂීය බව කිව්වේ මට්ටක්කුලියේ තියන නිසා වෙන්න ඇති.නමුත් ඔබ මාස 6ක් එහි හිටියනම් හොඳටම දන්නවා ඇති එහි මුල සිටම ගැහැනු ළමුන් පවා ඉගනගන්නවා කියලා.
    ඔබ මොන කාලයේ මෙහි ඉගනගත්තා දැයි නොදනිමි.නමුත් මේවන විට එහි ව්ෂය නිර්දේශ යාවත්කාලීන කරමින් පවතිනවා.
    අනෙක් කරුන පරණ නිර්දේශයෙන් ඉගනගත් මම ඇතුලු අනෙක් ශිෂ්‍ය පිරිසත් මේ වනවිට ඉන්ජිනේරු ක්ශේත්‍රයේ හොඳ රැකියාවන් කරනවා.
    CEI part 1 ගැන ඔබ කිව්වේ කොහොම සොයා බලලද කියා සිතා ගැනීමට අපහසුයි. මක්නිසාද යත් CEI part 1 රිලීස් කරගෙන part 2 විභාගයට මාද ගිය මැයි මස පෙනීසිටි නිසා...

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.

    ReplyDelete
  3. සුසන්ත කියන කතාවෙ ඇත්ත නැත්ත නං මම දන්නෙ නෑ. ඒත් මමත් ඒ හා සමාන අත්දැකීමක් වෙනත් පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් ලබා තියෙනවා.

    මොන පාඨමාලාව වුණත් හොඳට හොයලා බලලා කරන්න. ගොඩක් ඒවයෙ කරන්නෙ බොරු මවාපෑම් කරල සල්ලි ගරාගන්න එක විතරයි.

    ReplyDelete
  4. You can see lot of posters on the road demanding various things and highlighting administration problems. I dont know how you recommend such courses. May be you looking for new guys to paste posters and for demonstrations.

    ReplyDelete
  5. මට මුලින්ම කියන්න අමතක උනාද මන්දා.මෙක සම්පූර්ණයෙන්ම නොමිලේ (ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනය යටතේ ක්‍රියාත්මක ),උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන,මහපොල ශිෂ්‍යත්වයද ලැබෙන( හැමෝටම නෙමෙයි ),විභාග දෙපාර්තුමේන්තුවෙන් අවසන් විභාගය පවත්වන එකක් කියලා.

    මීට සමාන්තර පාඨමාලාවන් තමයි NDT,NDES හා DTech(open university).

    ReplyDelete
  6. api monawa kiyannadaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    ReplyDelete
  7. අයියෝ අපරාදෙ.. මට අපේ NDT ගැන කියන්න බැරි උනානෙ.. අපේ ඇතුලත් විමේ විභාගය ගිය සෙනසුරාද පැවැත්වුනා..

    ReplyDelete
  8. පොඩ්ඩක් ඕක හොයල බලල කරන්න...HNDE ගියපු මම දන්න සමහර අය පස්සේ වලට NDT ගිහිල්ලා තියෙනවා.1st shy, 2nd shy කරලා ඕකට යන්න හිතනවාට වඩා 3rd එකෙන් campus යන්න බලාගෙනම exam කරොත් හොදයි කියලයි මටනම් හිතෙන්නේ...

    ReplyDelete
  9. Its True HNDE is one of the alternative way to become an Engineer and to full fill your Dream. and there are other advantage like you can enter in to final year of University of UK and complete degree in UK.And other advantage is this is free course and you have to do A/L in Maths and must have certain Z score level.If you able to complete 2nd year of HNDE you can sit for the final year of university in UK . Most of HNDE Students are doing this thing and University of Hothfordshire is very famous in this.I am past student of HNDE so If you not beilve me try a little reseach about this couse.

    ReplyDelete
  10. ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේ පනිවිඩය ලබා දීම ගැන . . . මගේ මිතුරන් පිරිසක් සහ නෑදෑ පිරිසක් මේ පාඨමාලාව හදාරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා . . . ගොඩාක් හොද වැඩක් . . . ආයෙත් පාරක් ස්තූත්යි . . .

    ReplyDelete
  11. thanks a lot for the information..gave the message to many friends

    ReplyDelete