Thursday, July 9, 2009

බලා ඉන්නවා තවමත්.....


මේ අත මගේම නේද
අතහරින්නෙ නෑ නේද කවදාවත්...
අතහැරියෝතින්
නවතීවි හුස්ම පොද මගේ
මතකද මිමුණුවා ඔබ...
විහිලුවට ගත්තොත් මගේ අත
අමනාප වුනා මතකද
මූණ කළු කරගෙන...
අද වෙන්වෙලා නේද
මේ අතැඟිලි...
බලා ඉන්නවා තවමත්
මගේ අතැඟිලි නම්
දැවටෙන්න ඒ විලසටම...
බැරිද ආයේ එන්න
ඒ උණුසුම විඳගන්න......


7 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම්.....

    ReplyDelete
  2. lassana kaviyak (hithata denena)

    ReplyDelete
  3. හ්ම් නියමයි.හිතනවා හුගක් අය මේවැනි අත්දැකීම් විදල ඇති කියලා.

    ReplyDelete
  4. ඇඟිලි ගනින ඇඟිලි තුඩු තාම
    මඟ බලනවා
    ඔබ එනතුරු...
    වැරෙන් අල්ලා ගන්නට
    යලි අත් නොහැරෙන්නට ම...

    අනේ මගේ වගේමයි උඹේ කතාවත්..

    අපි පව් මචෝ...

    ReplyDelete
  5. පැරනි ආදර මතක සටහන් ඇති ලස්සන මල් මාවතක් දිගේ සිහිනෙන් ඇවිද ගියා වගේ දැනුනා මේ නිසදැස දැක්කාම. . . .!

    ReplyDelete