Tuesday, July 14, 2009

ආදරය හා කෝපය.....


පුද්ගලයෙක් තමන්ගේ අලුත්ම කාරය ඔපදමමින් හිටියා.ඔහුගේ අවුරුදු 4 වයසැති පුතා ගලකින් කාරයේ අනෙක් පැත්තේ සූරන හඬ ඔහුට ඇසුනා.ඔහුට තරහා ගියා.තම පුතාගේ අත රැගෙන අතට අසුවුන අඬුවෙන් ගහගෙන ගහගෙන ගියා.
අවසානයේ පුතා රෝහලට රැගෙන ගියා.අතේ සියලුම ඇඟිලි කැඩී තුවාලවී තිබුණා.
පුංචි පුතා වේදනාවෙන් ඔහු දෙස බලමින් මෙහෙම ඇසුවා.
"තාත්තේ මගේ ඇඟිලි ආයේ වැවෙයිද? "
පියාට මහත් වේදනාවක් දැනුන අතර ඔහු නිහඩව නිවස කරා ගියා.
කාරය ලඟට ගොස් එයට අතින් පහර දෙන්නට උනා.එවිට ඔහු කාරයේ බඳෙහි ලියා ඇති යමක් දුටුවා.
"මම ආදරෙයි තාත්තේ ඔයාට....."
ඊලඟ දවසේ ඔහු සියදිවි නසාගෙන තිබුනා.
"ආදරයට හා කෝපයට සිමාවක් නෑ"


14 comments:

  1. හිතන්න ‍යෙක් තියනවා

    ReplyDelete
  2. කාලෙකට පස්සෙ මෙහෙම වචන සුළු ප්‍රමාණයකින් හදවතේ පතුලටම දැනෙන දෙයක් කියෙව්වෙ.. :(
    තරහ යන ඕන වෙලාවක මේ කතාව මතක් උනොත් ඒ තරහ අඩු වෙයි..

    ReplyDelete
  3. ආපොයි දෙයියනේ!

    ReplyDelete
  4. හරිම හැඟුම්බරයි.. කොහොමත් ආදරයයි කෝපයයි අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක් විතරයි..

    ReplyDelete
  5. මෙහි ඉංග්‍රීසි පිටපත ඉ-මේල් මගින් ලැබුන.මේක එහි සිංහල පරිවර්ථනය

    ReplyDelete
  6. @Anonymous
    ඔව් මචං, මේක එහි සිංහල පරිවර්ථනය තමයි. හිතට දැනෙන එකක් නිසා පෝස්ට් එකක් දැම්මා.

    ReplyDelete
  7. වදින කථාවක්..

    ReplyDelete
  8. හිතේ පතුලටම වදින කතාවක්..

    තරහට හෝ ‍දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා

    ReplyDelete
  9. shah niyamai.mechchara wachana tikakin hithata godak denene adahasak ehuwamai.....thanks

    ReplyDelete