Saturday, July 18, 2009

මට ජීවත් වෙන්නනම්.....


මම
රැයක් වෙන්නම්
ඔබ
අඳුර නොමවී
සඳක් වෙන්න
මට
එළියේ නැහැවෙන්න...
මම
පිනිබිඳක් වෙන්නම්
ඔබ
හිරු කිරණ නොමවී
මලක් වෙන්න
මට
වරක් හෝ සිපගන්න...
මම
ගඟක් වෙන්නම්
ඔබ
කතර නොමවී
සයුර වෙන්න
මට
කොතැනක හෝ හමුවන්න...
මම
ඔබේම වෙන්නම්
ඔබ
අන්සතු නොමවී
මගේම වෙන්න
මට
සැබවින්ම ජීවත් වෙන්න.......

5 comments:

  1. නිර්මාණය ගැන කියන්න තියෙන්නෙ එක වචනයයි... එළ.... :)

    ReplyDelete
  2. "අන්සතු නොමවී මගේම වෙන්න මට සැබවින්ම ජීවත් වෙන්න . . . . . . ." මේක ආදරේ ගැන නෙමෙයි ආත්මාර්ථය ගැන ලියවුනු කවියක් වගේ . . .

    ReplyDelete
  3. ආදරේ ( කෙල්ලෙක් හා කොල්ලෙක් අතර ) කොහොමත් ආත්මාර්ථකාමියි නෙ

    ReplyDelete
  4. උපරිමයි සහෝ
    උපරිමයී...
    "අන්සතු නොමවී
    මගේම වෙන්න
    මට
    සැබවින් ම ජීවත් වෙන්න......"
    මේ වචන ටික ලස්සනම ලස්සනයී සහෝ

    ReplyDelete
  5. නිර්මාණය ඒ කියන්නෙ පද වචන ගැලීම නියමයි.ගොඩක් හොදයි.

    ඇත්තටම කියවනකොට මැදට මේ වචන ටිකත් මට නිකමට හිතුන.
    "අන්සතු නොමවී
    මගේම වෙන්න
    ඉඩදෙන්න
    මට
    අන්සතු වෙන්න
    සැබවින් ම ජීවත් වෙන්න......"

    ජීවිතේටම එක සැරයක් හරි මනුස්සයෙකුට මෙහෙම නොහිතෙනවනම් ඒක ගොඩක් පුදුමයි කියලයි මට හිතෙන්නෙ. මම කියන්නෙ හිතිවිල්ල හරි.

    ReplyDelete