Sunday, July 19, 2009

පරණ දේවල් අමතක කරන්නම බැරිනම්.....


දැන් ඉතිං අපි MS Office 2007 සිංහලෙන්නේ පාවිච්චි කරන්නේ.නේද? හැබැයි හදිස්සි වැඩක් කරගන්න ගියාම අමාරුවේ වැටෙන වෙලාවල් නම් ඕන තරම්.මොකද ඉංග්‍රිසියෙන් ටූල් භාවිතා කරපු අපිට ඒවට නොදන්න,අපි වැඩිය භාවිත නොකරන සිංහල වචන ආපුවාම කොහොමද ?

හෝව්... හෝව්..... දිගටම කියවන්න.

මම මේ කියන්න යන්නේ Office 2007 සිංහල උන එක ගැන නෙමෙයි. අන්තර්ජාලයේ සැරිසරනකොට දැකපු දෙයක් ගැන කියන්න.
මම MS Office 2003 ඉඳලා 2007 ට මාරු උනාම ලොකු අමාරුවක වැටුනා.ටූල් හොයාගන්න.(දැන් සිංහල කෙරුවාවෙ වගේ) ඉතිං එකටත් විසඳුම් තියනවා කියලා අද තමයි දැක්කේ.
මේකෙන් පුළුවන් අපිට Office 2003 දී දකින මෙනු එකම 2007 දීත් ඒ විදියටම දකින්න.ඒ ඔස්සේ වැඩ කරන්න. අර මුලින් කියපු අපහසුතාවය මගහරවා ගන්න.

අපි භාවිතා කරන්නේ සිංහල නම්, මූලික මෙනුව හැරෙන්න ඩ්‍රොප් ඩවුන් මෙනු සිංහල භාෂාවෙන්ම දර්ශණය වෙනවා.



තවත් සොයාගෙන යද්දී දැක්කා මේ මෘදුකාංගය පමණක් නෙමෙයි මේ සඳහා තියෙන්නේ කියලා.තව බොහෝ ආයතන මගින් මේ පහසුකම සලසා දෙනවා.හැබැයි මුදල් අයකරනවා. මෙම Ribbon Customizer නොමිලේ දෙන වැඩසටහනක්ද ( පහසුකම් අඩු ) මුදල් අයකරන වැඩසටහනක්ද ( පහසුකම් වැඩි ) ලබාදෙනවා.

වැඩි විස්තර මෙතෙන්ට ගිහින් බලන්න.
භාගත කරගන්න මෙතෙන්ට යන්න.

1 comment:

  1. අපේ එකෙක් vista සිංහල වලට හරවල ලොකු අමාරුවක වැටුන ආයෙ ඒක English වල‍ට මාරු කරගන්න විදිහ හොයාගන්න බැරුව..
    Office 2007 මුලින් නම් ටිකක් අවුල් ගියා.. ඒත් දැන් මට නම් ගානක් නෑ ඒක, කොහොමත් දැන් වැඩිය office පාවිච්චි වෙන්නෙත් නෑ මට නම්...

    ReplyDelete