Saturday, August 15, 2009

ඒ සොඳුරු ලොවට......

අර දුරින් පේන
සොඳුරුයි කියා හිතෙන
ලෝකයට
යන්නයි හිතාන උන්නේ
ඔබත් එක්ක...
අනේ නුඹට
මගෙත් එක්ක යන්න
වෙහසයි කියා
නැවතුනා නේද...
ඒත්
මං දන්නවා
නුඹ
ඒ සොඳුරු ලොවට
පය තියාවි
කවුරුන් හෝ සමග
කෙදිනක හෝ...
අනේ
අහිතක් නම් නෑ
කිසිලෙසක...
ඒත්
මගේ හිතට නම්
නෑ වාරුවක්
යන්න නම්
ඒ තරම් දුර
නුඹ නැතිව.....

4 comments:

  1. බස් එකක් ගියහම තව එකක් එන බව අමතක වෙලාද කොහෙද

    ReplyDelete
  2. අමාරුවෙන් උනත් හිත හදාගන්න වෙනවා මචං

    ReplyDelete
  3. මටත් ඔය සන්තෑසියමයි නේ.. යාළු..!

    ReplyDelete