Tuesday, August 18, 2009

තනිකම......


කාටත්
කාලයකදී දැනෙන
වෙලාවකට
මහා දුකක්
හදවතට ගෙනෙන
"තනිකම....."
ඇත්තටම
තනිකම දුකක්ද?

මෙහෙම හිතුවොත්,
"තනිකම අපිට දෙවියන් දුන් තෑග්ගක්....."

මන්ද,
අපිට අපිව අඳුනාගන්න
පාර කියන තෝතැන්නක්...
විටෙක,
ගින්දර වගේ
සියලු නොවැදගත් දෑ
දවා අළුකර
අපිට වඩා වැදගත් දේ
ඉතිරි කර දෙන කාලයක්...
ඉතිං
තනිකම දුකක්ද......?

1 comment:

  1. සමහර වෙලාවට මේ ලෝකේ තියෙන හොඳම දේ කියලත් හිතෙනවා මචං...

    ReplyDelete