Thursday, August 27, 2009

වෙළඳ දැන්වීමක්......


ඔන්න පොඩි මාධ්‍ය ප්‍රචාරයක් දෙන්න යන්නේ..........

මේක ලියන්නද එපාද කියලා හිත හිත හිටියේ.
අන්තිමේ හිතුනා කවුරුත් ලස්සන තැන් දකින්න,බලන්න ආසයිනේ.ඉතින් මම දැකපු ලස්සන තැනක් ගැන අනෙක් අයටත් කිව්වට කමක් නෑ කියලා හිතුනා......

මම ඊයේ මංගල උත්සවයකට ගියා.මගේ යාලුවෙකුගේ.ඒක තිබුනේ ලස්සන තැනක කියලයි මටනම් හිතෙන්නෙ.වැව් ජලය උඩින් හමාගෙන එන සීතල සුලඟ,අවට තියන නිස්කලන්ක පරිසරය ඇත්තටම මට අමුතු හැඟීමක් සිතට දැනුනා.

එකෝ විලේජ් කියලයි නම තියලා තියෙන්නේ.තැන මාතර කඹුරුපිටිය ලේනබටුව වැව අද්දර.....

උත්සව අවස්ථාවකට අපි බලාපොරොත්තුවෙන වඩා යහමින් තියෙන්න ඕන ඉඩකඩ මෙතන හොඳටම තියනවා. ඉතින් ඒවගේ තැනක අවශ්‍යතාවයක් ඇති උනොත් ගිහිල්ලා බලන්න. (දකුණු පළාතේ අයට තමයි ඒක කරන්න පුලුවන්)
හොඳ පිංතූරයක් ගන්න තරම් පහසුකම් තියන ජංගම දුරකතනයක් මා ලඟ නෑ. ඉතිං ඔය පිංතූරය දැම්මෙ දළ අදහසක් ගන්න...

ඔන්න මගේ ඇඩ් එක ඉවරයි..... පාරිභෝගිකයෝ විදියට ඔයාලා තීරණයක් ගන්න....
(මමත් ඊයේ තමයි පළමු වතාවට ගියේ.ඒකත් අමාරුවෙන් පාර හොයාගෙන....)

3 comments:

  1. ගමේ ගිය වෙලාවක ගිහින් බලන්න ඕන මේ වෙළද දැන්වීමෙන් කියන්නෙ ඇත්තද කියල! :P

    ReplyDelete
  2. අපේ ගම..........මම මෙච්චර කාලෙකට ඕක දැකල නෑ

    දැන් ඉන්නෙ තිස්සනේ

    ReplyDelete
  3. ලංකාවට ගිහින් ගමේ ගියපු ගමන් මේකට අනිවාර්යයෙන් යනවා (උඹ මේ ගැන කිව්වා කියන්නේ සිරාම තැනක් වෙන්න ඕනා...)

    ReplyDelete