Tuesday, September 8, 2009

අතීතය......




අත්වැල් අල්ලාගෙන
අරුත් නැති
පලක් නැති
කතා ගොඩාක් කියාගෙන
ඇවිද ගියා අපිත් (මමත්)
නුඹලා වගේම....

කාටත් නොපෙනෙන
කවුරුත් නො එන
අඳුරු මුල්ලකට වී
වින්ඳා පෙම්සුව අපිත් (මමත්)
නුඹලා වගේම....

කය තිබුණට මේ පොළවේ
හිත් බොහෝ දුර ගිහින්
හීන ගොඩාක් පුරෝගෙන
ඉදිනොවෙනා බව නොදැන
අහස් මාලිගා තැනුවා අපිත් (මමත්)
නුඹලා වගේම....

කඳුලු බිඳුවක්වත් නැති
සතුටම පමණක් ඇති
පුංචි කැදැල්ලක් තනන්නට
සිහින මැව්වා අපිත් (මමත්)
නුඹලා වගේම....

(ඉවර නෑ වගේ හිතෙනවනම් ඉතුරු ටික ඔබට බාරයි....)

4 comments:

  1. මට මෙක කියවනකොට මතකයට අවෙ කබාය ඉරිලා ඉට කමක් නැ කියන සින්දුව වාසල උබ මෙක හොදට ලියලා තියනවා ස්තුතියි

    ReplyDelete
  2. ඒ හීන ඔක්කොම හැබෑ නොවුනත්
    ඒ දැකපු හීන, ඒ විඳපු පෙම් සුව
    සදාකාලිකසිහිනයක් වගේ,
    මම මෙච්චර කල් ජීවත් කලේ ඒ මතකය.
    මට සමා වෙන්න,
    "මම" කියලා විතරක් කිවුවට.

    ReplyDelete
  3. නිෂාදි12/15/09, 3:28 PM

    ආදරය සුන්දරයි නමුත් පව් කරකර ආදරයේ සුන්දරත්වය විදින්න බෑ අවංක ආදරයක් ලබන්න නම් පව් නොකර අවංකව ඉන්න ඕන සංසාරයේ කරපු පව් ගෙවෙන කම් ආදරයේ දුක විදින්න.ඔය හැමදේකටම වඩා මට දැන් වටින්නෙ සංසාරයේ ගමන කෙටි කරගන්න එක විතරයි.

    ReplyDelete
  4. පොල්ලෙන් ගැහුවා වගේනේ...
    මම නිකන් අතරමං වෙලා වගේ කියෙව්වෙ තව ගොඩක් දිගට ලියලා ඇති කියලා හිතාගෙන.
    ඉවර නෑ වගේ තමයි..

    අනේ මන්දා මගේ කතාවද කියල මට මොහොතකට හිතුණා.
    සුපිරි..!!

    ReplyDelete