Tuesday, June 30, 2009

දැන් Gmail වලින් 25MB යවමු....

2 නෙක් මොනවදෝ කියලා ගිහින්

මෙක කට්ටියකට පරණ ආරංචියක්ද දන්නෙ නෑ.ඒත් නොදන්න කෙනෙක් හිටියොත් දැනගන්න එක්ක මෙක ලියන්නම්.
ඔන්න Gmail වලින් අපිට Attache කරන්න පුලුවන් MB ප්‍රමාණය වැඩිකරලා.මෙහි තිබුනේ 20MB.දැන් ඒක 25MB දක්වා වැඩිකරලා. අනෙක් සේවා සපයන්නන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා.



මෙතනදී ප්‍රශ්ණයක් එනවා. 25MB Attachment එකක් අපිට යවන්න පුලුවන් වෙන්නේ Gmail Account එකකට විතරයි. මොකද අනෙක් සේවා සපයන්නන් මීට අඩු අගයක්නෙ ලබාදී තියෙන්නෙ.


මෙහිදී යම් Error message එකක් ආවොත් Flash ඉන්ස්ටොල් කලයුතු බව Google Help හි සඳහන් වෙනවා.



Monday, June 29, 2009

ලංකාවෙන් ඩෙස්ක්ටොප් එකට ඔරලෝසුවක්.....

3 නෙක් මොනවදෝ කියලා ගිහින්

මේ කියන්න හදන්නේ ලංකවේ අපේ දෙයක් ගැන. අපේම කොල්ලෙක් හදපු දෙයක් ගැන.
ඩෙස්ක්ටොප් එකට ඔරලෝසුවක්.....
(අපෝ ඕව ඕනතරම් ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ)
ඕනතරම් නම් තියනවා තමයි ඒත් ඒව පිටරට අය නිර්මාණය කරපුවා.මේක, තවම ඉගනගන්න, ලංකාවේ කොල්ලෙක්ගෙ වැඩක්.
මේ තියෙන්නෙ ඒකේ රූප සටහන් ටිකක්....
බයවෙන්න එපා.මෙච්චර ලොකුවට තිබුණට මේක අපිට ඕන විදියට වෙනස් කරගන්න පුලුවන්.
අපිට ඕන ඩිජිටල් ඔරලෝසුවක් නම් එකත් තියනවා.
මෙහි අපිට අවැසි ලෙස වෙනස්කම් කරගත හැකියි.ඒ සඳහා උපදෙස්
සියල්ල ලබාදෙනවා.
ඉතිං ඔයගොල්ලන්ටත් ගන්න හිතුනොත් මෙතෙන්ට යන්න.
මේ තියෙන්නේ මල්ලිගේ තැන....
(මම මෙක දැක්කේ ඊයේ Inco 2009 Exhibition එකේදි. අනික මේක ගැන පොස්ට් එකක් ලියන්න හිතුවේ ලංකවේ දෙයක්,ලංකවේ කොල්ලෙක්ගෙ වැඩක් අගය කරන්න ඕන නිසයි.මේ මල්ලි ඉල්ලන දෙයක් තමයි මෙකේ අඩුපාඩු පෙන්නලා දෙන්න කියන එක.මමනම් දන්නේ නෑ මේකේ තියන තාක්ෂණික පැත්ත.ඒත් ඔබට පුලුවන්වෙයි ඒ මල්ලි දිරිගන්වන්න.)

Saturday, June 27, 2009

අවසරයි සමුගන්න ඔබට....

3 නෙක් මොනවදෝ කියලා ගිහින්



නොසිතූ මොහොතක
නොසිතූ ලෙස
ඔබ ආවා මා වෙත
ඇය මගේ යැයි කියා...
නොසිතූ මොහොතක
නොසිතූ ලෙස
ඔබ යලිදු ආවා මා වෙත
ඇගේ දුක මගේද කියා...
නොසිතූ මොහොතක
නොසිතූ ලෙස
ඔබ නැවතත් ආවා මා වෙත
ඈ මගෙන් වෙන්ව ගිය බව කියා...
ඉතින් කඳුල,
සමුගන්න මගෙන්
නොඑන්නට කිසිදිනක ආයේ.....

Sunday, June 21, 2009

ඔබේ බ්‍රව්සරයේ තැන දන්නවාද ?

7 නෙක් මොනවදෝ කියලා ගිහින්

අන්තර්ජාලයේ සැරිසරන විට අපි හැමෝටම අවශ්‍ය වෙන්නේ වේගය,ආරක්ෂාව හා නිවැරදිතාවය.
ඉතිං මේ කියන්න යන්නේ අපි භාවිතා කරන බ්‍රව්සරය වේගය අතින් අනෙක් බ්‍රව්සර අතරේ ඉන්නෙ කොතැනද කියලා හොයලා බලන ක්‍රමයක් ගැන. මේ පිළිබඳව සොයාබලා තියෙන්නේ www.psgameshardware.com යන වෙබ් අඩවිය.මේ සඳහා ඔවුන් IE 6, 7 and 8, Mozilla Firefox 2.0, 3.0.11 and 3.5b99, Opera 9.6 and 10, Safari 3.1.1 and 4.0, Chrome 1.0, 2.0 and 3.0 යන බ්‍රව්සරයන් යොදාගෙන තියනවා.ඉතිං ඒකෙන් ඉදිරියෙන් ඉන්නෙ සෆාරි වෙබ් බ්‍රව්සරය.
මම භාවිතා කරන Chrome 2.0.181.1 දෙවැනිතැන ඉන්නවා.


මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ Peacekeeper,Sunspider and Acid යන වෙබ් අඩවි. පහළින් තියෙන්නේ එහි ප්‍රතිඵල කීපයක්...







මේ අද ලකුණු සටහන....


මේ මගේ බ්‍රව්සර්යේ අද ලකුණු සටහන....


ඔබේ බ්‍රව්සරය ගැන දැනගන්න මෙතෙන්ට යන්න.

Wednesday, June 17, 2009

කොහොමද බලන්න උත්සාහය.........

2 නෙක් මොනවදෝ කියලා ගිහින්

මේක මට ආපු E-mail එකක දැක්කේ.මේ පොඩි එකා කොච්චර උත්සාහවන්තද කියලා මේක බලපු වෙලාවෙ මට හිතුනා.මරණ බය දැනුනාම අපි හැමෝම බේරෙන්න ඕනෑම දෙයක් කරනවා.ඒත් මේ පොඩි එකා කොහොමද?


මේක ඇත්තම සිදුවීමක්ද නැත්නම් මේ සතුන් යොදාගෙන කල නිර්මාණයක්ද කියල නම් මම කියන්න දන්නේ නෑ.

Sunday, June 14, 2009

යන්න එපා මාව දාලා......

5 නෙක් මොනවදෝ කියලා ගිහින්

ඇයි මෙහෙම දෙයක් කලේ....???

(මෙයා මේ ඉන්නෙ ගොඩාක් දුකෙන්. ඇයි දන්නවද,
මෙයාගේ ආදරණීය පෙම්වතිය අනතුරකට පත්වෙලා.
බොහෝම අසාධ්‍ය තත්වයේ ඉන්නේ)

බයවෙන්න එපා.
මම ඔයාව කොහොමහරි බේරගන්නවා.
ඉතිං මේ කෑම ටික කන්න.....
ඇයි මේ....
නැගිටින්න.....
කෝ මේ කෑම ටික කන්න...
නැගිටින්න......

ඒ කියන්නෙ ඔයා මාව
තනිකරලා යන්න යනවද....

ඔයාට පුළුවන්ද
මාව තනිකරලා ඉන්න....
කවදාවත්ම මාව දාලා යන්නේ නෑ
කියලා නේද ඔයා කිව්වේ....

කමක් නෑ....
මම හිත හදාගන්නම්....
අපි ඊලඟ ආත්මයේදිත් ආයේ හමුවෙමු....

මගේ හදවතේ හැමදාමත් ඔයා ඉඳීවි......
ඔයාට හැමදාමත් ආදරේ කරාවී....

Monday, June 8, 2009

මෙහෙම ඉන්න තියනවනම්....

2 නෙක් මොනවදෝ කියලා ගිහින්



හිතෙන දෙයක් ලියන්න....

Friday, June 5, 2009

34 නෙක් මොනවදෝ කියලා ගිහින්
ආයිබො වේවා...!!!!!!

ඔන්න මමත් මොනා හරි ලියන්න කියල හදන්නේ.ඒත් මේ ඉන්ටනෙට් කෙරුවාව මම එච්චර දන්නෙ නෑ. බලමු පුලුවන් විදියට මොනවා හරි ලියන්න.