Friday, July 24, 2009

ගෙවීගිය කාලය......

1 නෙක් මොනවදෝ කියලා ගිහින්
දිනක් හෝ
නොලැබුනෝතින්
දකින්නට...
කල්පයක් සේ
දැනුන නුඹට...
කල්ප ගණනක්
ගතවූ සේ...
නොදැනුනේ
මන්ද තවම.....

Sunday, July 19, 2009

පරණ දේවල් අමතක කරන්නම බැරිනම්.....

1 නෙක් මොනවදෝ කියලා ගිහින්

දැන් ඉතිං අපි MS Office 2007 සිංහලෙන්නේ පාවිච්චි කරන්නේ.නේද? හැබැයි හදිස්සි වැඩක් කරගන්න ගියාම අමාරුවේ වැටෙන වෙලාවල් නම් ඕන තරම්.මොකද ඉංග්‍රිසියෙන් ටූල් භාවිතා කරපු අපිට ඒවට නොදන්න,අපි වැඩිය භාවිත නොකරන සිංහල වචන ආපුවාම කොහොමද ?

හෝව්... හෝව්..... දිගටම කියවන්න.

මම මේ කියන්න යන්නේ Office 2007 සිංහල උන එක ගැන නෙමෙයි. අන්තර්ජාලයේ සැරිසරනකොට දැකපු දෙයක් ගැන කියන්න.
මම MS Office 2003 ඉඳලා 2007 ට මාරු උනාම ලොකු අමාරුවක වැටුනා.ටූල් හොයාගන්න.(දැන් සිංහල කෙරුවාවෙ වගේ) ඉතිං එකටත් විසඳුම් තියනවා කියලා අද තමයි දැක්කේ.
මේකෙන් පුළුවන් අපිට Office 2003 දී දකින මෙනු එකම 2007 දීත් ඒ විදියටම දකින්න.ඒ ඔස්සේ වැඩ කරන්න. අර මුලින් කියපු අපහසුතාවය මගහරවා ගන්න.

අපි භාවිතා කරන්නේ සිංහල නම්, මූලික මෙනුව හැරෙන්න ඩ්‍රොප් ඩවුන් මෙනු සිංහල භාෂාවෙන්ම දර්ශණය වෙනවා.



තවත් සොයාගෙන යද්දී දැක්කා මේ මෘදුකාංගය පමණක් නෙමෙයි මේ සඳහා තියෙන්නේ කියලා.තව බොහෝ ආයතන මගින් මේ පහසුකම සලසා දෙනවා.හැබැයි මුදල් අයකරනවා. මෙම Ribbon Customizer නොමිලේ දෙන වැඩසටහනක්ද ( පහසුකම් අඩු ) මුදල් අයකරන වැඩසටහනක්ද ( පහසුකම් වැඩි ) ලබාදෙනවා.

වැඩි විස්තර මෙතෙන්ට ගිහින් බලන්න.
භාගත කරගන්න මෙතෙන්ට යන්න.

Saturday, July 18, 2009

මට ජීවත් වෙන්නනම්.....

5 නෙක් මොනවදෝ කියලා ගිහින්

මම
රැයක් වෙන්නම්
ඔබ
අඳුර නොමවී
සඳක් වෙන්න
මට
එළියේ නැහැවෙන්න...
මම
පිනිබිඳක් වෙන්නම්
ඔබ
හිරු කිරණ නොමවී
මලක් වෙන්න
මට
වරක් හෝ සිපගන්න...
මම
ගඟක් වෙන්නම්
ඔබ
කතර නොමවී
සයුර වෙන්න
මට
කොතැනක හෝ හමුවන්න...
මම
ඔබේම වෙන්නම්
ඔබ
අන්සතු නොමවී
මගේම වෙන්න
මට
සැබවින්ම ජීවත් වෙන්න.......

Tuesday, July 14, 2009

ආදරය හා කෝපය.....

14 නෙක් මොනවදෝ කියලා ගිහින්

පුද්ගලයෙක් තමන්ගේ අලුත්ම කාරය ඔපදමමින් හිටියා.ඔහුගේ අවුරුදු 4 වයසැති පුතා ගලකින් කාරයේ අනෙක් පැත්තේ සූරන හඬ ඔහුට ඇසුනා.ඔහුට තරහා ගියා.තම පුතාගේ අත රැගෙන අතට අසුවුන අඬුවෙන් ගහගෙන ගහගෙන ගියා.
අවසානයේ පුතා රෝහලට රැගෙන ගියා.අතේ සියලුම ඇඟිලි කැඩී තුවාලවී තිබුණා.
පුංචි පුතා වේදනාවෙන් ඔහු දෙස බලමින් මෙහෙම ඇසුවා.
"තාත්තේ මගේ ඇඟිලි ආයේ වැවෙයිද? "
පියාට මහත් වේදනාවක් දැනුන අතර ඔහු නිහඩව නිවස කරා ගියා.
කාරය ලඟට ගොස් එයට අතින් පහර දෙන්නට උනා.එවිට ඔහු කාරයේ බඳෙහි ලියා ඇති යමක් දුටුවා.
"මම ආදරෙයි තාත්තේ ඔයාට....."
ඊලඟ දවසේ ඔහු සියදිවි නසාගෙන තිබුනා.
"ආදරයට හා කෝපයට සිමාවක් නෑ"


Monday, July 13, 2009

ඩොලර් 500 දිනාගන්න, මෙන්න ආරංචියක්.....

3 නෙක් මොනවදෝ කියලා ගිහින්


ඔබත් පාවිච්චි කරනවද Sun Studio ?

මෙන්න එහෙනම් $500 දිනාගන්න අවස්ථාවක්.
කරන්න තියෙන්නෙ ඔබේ හැකියාවන් ඔබේ බ්ලොග් එකක් මගින් පෙන්වීමයි.

ජයග්‍රාහකයින් 10 ට $500 බැගින් හා හොඳම බ්ලොග් 50 ට 2GB Sun Studio මෙමරි කාඩ් එක බැගින් දිනාගත හැකියි.
තරඟය පටන් අරගෙන තියෙන්නේ.
අවසන් දිනය 2009 අගෝස්තු මස 14 වෙනිදා.
(හැබැයි කියලා තියනවා වලංඟු වන්නේ ඉංග්‍රිසි භාෂාවෙන් ලියවුන බ්ලොග් පමණයි කියලා)

වැඩි විස්තර මෙතනින් බලාගන්න

(මම නම් Sun Studio ගැන මොකුත්ම දන්නේ නෑ)

Thursday, July 9, 2009

බලා ඉන්නවා තවමත්.....

7 නෙක් මොනවදෝ කියලා ගිහින්

මේ අත මගේම නේද
අතහරින්නෙ නෑ නේද කවදාවත්...
අතහැරියෝතින්
නවතීවි හුස්ම පොද මගේ
මතකද මිමුණුවා ඔබ...
විහිලුවට ගත්තොත් මගේ අත
අමනාප වුනා මතකද
මූණ කළු කරගෙන...
අද වෙන්වෙලා නේද
මේ අතැඟිලි...
බලා ඉන්නවා තවමත්
මගේ අතැඟිලි නම්
දැවටෙන්න ඒ විලසටම...
බැරිද ආයේ එන්න
ඒ උණුසුම විඳගන්න......


Sunday, July 5, 2009

ඉංජිනේරුවෙකු වෙන්න කැමතිනම්........

11 නෙක් මොනවදෝ කියලා ගිහින්


ගිය සති අන්තයේ උසස් පෙළ කඩඉම් ළකුණු ප්‍රකාශයට පත්වුනා.විභාගය සඳහා 130,236 වාඩිවුනා.විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබුවේ 46,010. නමුත් අපේ රටේ තියන පහසුකම් මත 20,270 ට පමණයි වරම් ලැබෙන්නේ කැම්පස් එකකට යන්න.

මේක කියවන කෙනෙක් හෝ තමන් දන්න අඳුනන කෙනෙක් හෝ ඉන්නවනම් උසස් පෙළ විභාගය අවසන් කර (ගණිත අංශයෙන්) ඊලඟට කුමක් කරන්නද කියා සිතමින් ඉන්න,වැදගත් වෙයි මේ ආරංචිය.(ප්‍රතිඵල නම් යම් දුරකට සතුටුදායක වියයුතුයි )

2009/2010 අධ්‍යයන වර්ෂය සඳහා උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව (Higher Nationala Diploma in Enginnering - HNDE ) සඳහා සිසුන් බඳවාගැනීමට අදාල ගැසට් නිවේදනය 2009-07-03 දින පළකෙරුනා.

උසස් අධ්‍යාපන අමත්‍යාංශය යටතේ පාලනය වන උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව ඉංග්‍රිසි මාධ්‍යයෙන් පැවැත්වෙන පූර්ණකලීන තුන් අවුරුදු න්‍යායික හා හය මාසික වැඩබිම් පුහුණුව ඇතුලත් පාඨමාලාවක් වන අතර සිවිල්,විදුලි හා යාන්ත්‍රික යන විශේෂිත ඉංජිනේරු ක්ශේත්‍රයන්ගෙන් සමන්විත වේ. උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා සහතිකය,ලන්ඩන් ඉංජිනේරු මණ්ඩලයේ CEI (ලන්ඩන්) විභාගයේ පළමු අදියරෙන් නිදහස් වීම සඳහා සුදුසුකමක් වන අතර එමගින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ප්‍රථම විභාගයෙන් නිදහස් වීම සඳහා ද එය සුදුසුකමක් වනු ඇත.

මේ හැරුණු විට දකුණු ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ (University of South Australia) සිව් අවුරුදු ඉංජිනේරු පාඨමාලාව (B.Sc.) උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා සහතිකයේ සුදුසුකම් පහත දැක්වෙන පරිදි ඇගයීමට ලක්වී ඇත.

1. යාන්ත්‍රික ඉංජිනේරු ක්ශේත්‍රය සඳහා - වසර 2 ක නිදහස් කිරීමක් ද,

2. සිවිල් ඉංජිනේරු ක්ශේත්‍රය සඳහා - වසර 2 ක නිදහස් කිරීමක් ද,

3. විදුලි ඉංජිනේරු ක්ශේත්‍රය සඳහා - වසර 1 1/2 ක නිදහස් කිරීමක් ද සිදු කරයි.

මෙම පාඨමාලාවේ විෂය නිර්දේශ,භෞතික හා මානව සම්පත් ඔස්ට්‍රියා හා නෙදර්ලන්ත රාජ්‍යයන්ගේ අනුග්‍රහය යටතේ සංවර්ධනය වේ.

මීට අයදුම් කිරීම සඳහා අවශ්‍යය වන්නේ උසස් පෙළ ගණිත අංශයෙන් විෂයන් තුනක් සමත්වීම හා සාමාන්‍ය පෙළ ඉංග්‍රිසි විෂයට සාමාර්ථයක් ( S ) ලබා තිබීමයි.

මේ තියෙන්නේ ගැසට් නිවේදනය.


Saturday, July 4, 2009

කොහේදෝ ඔබ....

0 නෙක් මොනවදෝ කියලා ගිහින්


මලක් සේ පිපී
දිවියම සුවඳ කල...
සමනළියක සේ
මා වටා දැවටුන...
සිහින් සුලං පොදක් සේ
මා හා වෙළුණු...
හිරු එළිය සේ
ලොවම එළිය කල...
සඳ කිරණ සේ
අමාවක බව තුරන් කල...
ගඟක් සේ ගලා
දිවිමගේ විඩාව සනහාලූ...
කිරිල්ලියක සේ
දෙසවන් කිචිබිචියෙන් පිරවූ...
කොහේද
අද ඔබ කොහේද.....

Thursday, July 2, 2009

අනේ අපොයි....

9 නෙක් මොනවදෝ කියලා ගිහින්

ඔන්න ඔයාලට හැකියාවක් නැතත් Supper Star කෙනෙක් වෙන්න අවස්ථාවක්....
ඉක්මන් කරන්න....
පළමු 200 පමණයි.....
ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ....


Wednesday, July 1, 2009

යන යන තැන ගෙනියන්න නොමිලේ ඒකක පරිවර්තකයක් (Unit Convertor)....

0 නෙක් මොනවදෝ කියලා ගිහින්



අපිට යම් යම් වැඩවලදී නිතරම අවශ්‍ය වන දෙයක් තමයි ඒකක පරිවර්තනය කරන එක.අපි සමීකරණයකට දත්ත ඇතුලත් කලවිට අවසානයේ උත්තරය එක ඒකකයකින් තිබිය යුතුයිනෙ.ඉතින් එක් එක් ඒකක වලින් තියන දත්ත අවශ්‍ය ඒකක වලට පරිවර්තනය කරගැනීම අපි කලයුතුයි.

ඔන්න මේ කියන්න යන්නේ එකට උදව්වෙන මෘදුකාංගයක් ගැන කියන්න.

ESBUnitConv


මෙහි විවිධ වර්ගයේ මිනුම් 21 ක ඒකක 564 ට අදාල ගණනය කිරීම් ඇතුලත් කර තියනවා.මෙය නොමිලේ ලබාදෙනවා.

ESBUnitConv is a Free User-friendly Windows Utility to easily convert between units of measurement. Includes Units for Temperature, Distance, Mass, Area, Volume, Pressure, Velocity, Acceleration, Force, Energy, Power, Fuel Consumption, Flow,Flow(Mass), Torque, Angles, Luminous Intensity, Illumination, Time, Quantity & Radioactivity.

මෙය පරිඝණකයට ස්ථාපනය නොකර අපට භාවිතා කලහැකියි.වැදගත්ම කාරණය වන්නේ මෙය Flash Drive එක තුළ පවා භාවිතා කල හැකිවීම.

මෙන්න මෙතනින් ලබාගත හැකියි.