Friday, August 28, 2009

ලොකු රණ්ඩුවක්......

5 නෙක් මොනවදෝ කියලා ගිහින්


ම්ම්........
මෙයා මොකද මේ පැත්තේ කැරකෙන්නේ....


හිතුවා හරි,
මගේ කෑම ටිකට වැඩේ දෙන්න තමයි ඇවිල්ලා ඉන්නේ.


මේ හලෝ,මොකද ඔය කරන්නේ......
කාගෙන් අහලද මෙතෙන්ට ආවේ...


ඇහුනේ නැද්ද මම කියපු දේ.
මේ යනවා යන්න මෙතනින්......


"ඌයි.....මොකද හලෝ කරන්නේ...."


කව්ද මෙතනට එන්න කිව්වේ....

"කවුරුත් කිව්වේ නෑ...."


එහෙනම් මගේ කෑම ටික කන්න ආවේ මොකද.....
මේ තියෙන්නෙ මගේ කොටස.....

"ඔයාට වගේම මටත් බඩිගිනියි....
ඇයි අපිට බැරිද මේ ටික බෙදාගෙන කන්න...."


හරි...හරි...
තමුසෙත් ඕකෙන් ටිකක් කලා මටත් ටිකක් ඉතුරු කරලා යනවා.....

මගේ පැටව් දෙන්නට ගෙනියන්නත් ටිකක් ඉතුරු කරනවා,
හොඳද.......




Thursday, August 27, 2009

වෙළඳ දැන්වීමක්......

3 නෙක් මොනවදෝ කියලා ගිහින්

ඔන්න පොඩි මාධ්‍ය ප්‍රචාරයක් දෙන්න යන්නේ..........

මේක ලියන්නද එපාද කියලා හිත හිත හිටියේ.
අන්තිමේ හිතුනා කවුරුත් ලස්සන තැන් දකින්න,බලන්න ආසයිනේ.ඉතින් මම දැකපු ලස්සන තැනක් ගැන අනෙක් අයටත් කිව්වට කමක් නෑ කියලා හිතුනා......

මම ඊයේ මංගල උත්සවයකට ගියා.මගේ යාලුවෙකුගේ.ඒක තිබුනේ ලස්සන තැනක කියලයි මටනම් හිතෙන්නෙ.වැව් ජලය උඩින් හමාගෙන එන සීතල සුලඟ,අවට තියන නිස්කලන්ක පරිසරය ඇත්තටම මට අමුතු හැඟීමක් සිතට දැනුනා.

එකෝ විලේජ් කියලයි නම තියලා තියෙන්නේ.තැන මාතර කඹුරුපිටිය ලේනබටුව වැව අද්දර.....

උත්සව අවස්ථාවකට අපි බලාපොරොත්තුවෙන වඩා යහමින් තියෙන්න ඕන ඉඩකඩ මෙතන හොඳටම තියනවා. ඉතින් ඒවගේ තැනක අවශ්‍යතාවයක් ඇති උනොත් ගිහිල්ලා බලන්න. (දකුණු පළාතේ අයට තමයි ඒක කරන්න පුලුවන්)
හොඳ පිංතූරයක් ගන්න තරම් පහසුකම් තියන ජංගම දුරකතනයක් මා ලඟ නෑ. ඉතිං ඔය පිංතූරය දැම්මෙ දළ අදහසක් ගන්න...

ඔන්න මගේ ඇඩ් එක ඉවරයි..... පාරිභෝගිකයෝ විදියට ඔයාලා තීරණයක් ගන්න....
(මමත් ඊයේ තමයි පළමු වතාවට ගියේ.ඒකත් අමාරුවෙන් පාර හොයාගෙන....)

Tuesday, August 18, 2009

තනිකම......

1 නෙක් මොනවදෝ කියලා ගිහින්

කාටත්
කාලයකදී දැනෙන
වෙලාවකට
මහා දුකක්
හදවතට ගෙනෙන
"තනිකම....."
ඇත්තටම
තනිකම දුකක්ද?

මෙහෙම හිතුවොත්,
"තනිකම අපිට දෙවියන් දුන් තෑග්ගක්....."

මන්ද,
අපිට අපිව අඳුනාගන්න
පාර කියන තෝතැන්නක්...
විටෙක,
ගින්දර වගේ
සියලු නොවැදගත් දෑ
දවා අළුකර
අපිට වඩා වැදගත් දේ
ඉතිරි කර දෙන කාලයක්...
ඉතිං
තනිකම දුකක්ද......?

Saturday, August 15, 2009

ඒ සොඳුරු ලොවට......

4 නෙක් මොනවදෝ කියලා ගිහින්
අර දුරින් පේන
සොඳුරුයි කියා හිතෙන
ලෝකයට
යන්නයි හිතාන උන්නේ
ඔබත් එක්ක...
අනේ නුඹට
මගෙත් එක්ක යන්න
වෙහසයි කියා
නැවතුනා නේද...
ඒත්
මං දන්නවා
නුඹ
ඒ සොඳුරු ලොවට
පය තියාවි
කවුරුන් හෝ සමග
කෙදිනක හෝ...
අනේ
අහිතක් නම් නෑ
කිසිලෙසක...
ඒත්
මගේ හිතට නම්
නෑ වාරුවක්
යන්න නම්
ඒ තරම් දුර
නුඹ නැතිව.....

Wednesday, August 5, 2009

ඉන්නට ඇත්නම් නුඹේ ලඟින්......

2 නෙක් මොනවදෝ කියලා ගිහින්

අනේ මං
සිහින මැව්වේ
රැඳී සිටින්නයි සදාකල්
නුඹේම ලඟින්...
තිර නොවූ ලෝකයේ
ලෝදහමේ අණින්
වෙන්ව යන්නම්
නුඹේ ලඟින්...
පතන්නම්
ඒ සොඳුරු ඇසුර
විඳිනට මතුසසරක ආයේ
හිඳිමින්
නුඹේම ලඟින්.....