Sunday, January 3, 2010

ආදරණීය ගුරුතුමනි......


දුකා,මලී,...ආදී තවත් සහෝදර බ්ලොග්කරුවන් ටිකදෙනෙකුගේ උත්තේජනය නිසා මමත් දැන් පොත් කියවන්නෙක් බවට පත්වේගන එනවා....ඉතිං මාසෙකට සැරයක්වත් පොතක් ගන්න උත්සාහ කරනවා දැන්...

පහුගිය දවසක ගත්ත ඒවගේ පොතක් තමයි "ආදරණීය ගුරුතුමනි".

බටහිර ඉන්දිය ජාතික රිකාඩෝ බ්‍රේත්වේට් ගේ ජාත්‍යන්තර කීර්තියට පත්වුන "To Sir, with Love" කෘතියේ,සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන විසින් සිංහලට පරිවර්ථිත පොත තමයි ඒ.


මේ පොත ගත්තට ඒක කියවන්න අමතක වෙලා තිබුනේ.ඉතිං පහුගිය දවසක ගෙදර ගිය වෙලාවක ඒ ගැන මතක් වී පොත කියවන්න ගත්තා.පොත කොච්චර හිතට කාවැදුනද කියතොත් එක හුස්මට කියවගෙන ගියා.රෑ කෑමත් අමතක උනා.....

උතුම් ගුරු වෘත්තිය ගැන කියවෙන මේ කෘතිය රිකාඩෝ බ්‍රේත්වේට් ගේ ජීවන අත්දැකීම් ඇසුරෙන් ලියවී තියනවා.නොහික්මුණු සිසු කැලක් යහමාර්ගයට ගන්නා මේ ගුරුවරයා එවකට තම සිසුන්ගේ මනස තුල තිබුන වර්ණභේදවාදය ඉවත් කරන්න සමත්වෙන ආකාරය තම පොතට ඇතුලත් කර තිබෙනවා.....

රිකාඩෝ ගැන හැදින්වීමේදී එක් තැනක සඳහන් වී තිබුනා මේ පොත ඇසුරෙන් කල සිනමා නිර්මාණයක් ගැන.ඒකත් බාගත කරගෙන රසවින්ඳා.(පොත තරම් සිතට කා වැදුනේ නෑ.මුලින් පොත බලපු නිසාද දන්නේ නෑ.....)

මේ වගේම ගුරුවරයෙක් ගැන කතාවක් තියන බයිස්කෝප් එකක් තමයි "Freedom Writers".

රිකාඩෝ බ්‍රේත්වේට් ගැන දැනගන්න නම් විකියට යන්න.....
To Sir, with Love බයිස්කෝප් එක ගැන දැනගන්න නම් IMDb එකට යන්න.....
To Sir, with Love බයිස්කෝප් එක බාගත කරගන්න නම් මෙතෙන්ට යන්න.....
සිංහල පොත ගන්නනම් සරසවියට යන්න.....


8 comments:

  1. මේක හරිම ලස්සන පොතක් . . .සමහර තැන් කියවද්දී ඇඬෙනවා. .. .
    හරිම සතුටුයි අපේ බලපෑමෙන් උඹව පොත්ගුල්ලෙක් කිරීමේ කාරියේ මුල් පියවරවල් තබපු එක ගැන නම් . . .

    ReplyDelete
  2. අගනා පොතක්..මමත් හරි ආසාවෙන් කියෙව්ව..

    ReplyDelete
  3. වාසල උඹ අපිට එක ප්‍රශ්ණයක්වත් ඉතුරු කරල නෑ නේ බං. IMDB යන්ඩ , විකියට යන්ඩ , සරසවි යන්ඩ , btjunkie යන්ඩ , සිංහලෙං ලියන්ට ඕනෑනං මෙතෙන්ට යන්ඩ .. :)
    කියල වැඩක් නෑ.
    මම මේ පොත නං කියවලා නෑ.movie එක බලලා තිබ්බ කලිං .maxxa ඒකත්.පොත කොහොම ඇද්ද ?තව කියවපං. එතකොට අපිටත් හොඳ පොත් set එකක නං ගං දැනගන්ඩ පුළුවං වෙයි මේ වගේ.
    - ජය

    ReplyDelete
  4. අම්මපා මේ කමෙන්ට්ස් ලියන එවුන් රස්සා කරන්නේ නැත්ද... මෙව්වා ඔක්කෝම මුන්ගේ ඇහැ ගැටිලා තියෙන්නේ කොහොමද.... ඔය යන්තර සූත්තර එක්ක හැප්පෙන කොට ඔය වගේ කලා කෘතියක් ‍තෝරලා රසවිඳින එක සුලුප‍ටු කාරියක් නෙමේ ... දෙයියම්පා මේ බොක්කෙන්මයි කියන්නේ...

    ReplyDelete
  5. කාලෙකින් ඔබේ බ්ලොග් අඩවියේ යමක් දුටුවේ නෑ. අවිවේකයද?

    ReplyDelete
  6. හප්පේ... මමත් ඒ දවස් වල පොත් ගුල්ලෙක් නෙවැ. කාලයාගේ ඇවැමෙන් මම ෆිල්ම් ගුල්ලෙක් උනා. ඒත් පොතක් කියවගෙන යන කොට තියෙන රසය ෆිල්ම් එකකින් ගන්න බෑ. පොත් කියවන එක අත පසු වෙන්නෙ ඒකට ටිකක් වැඩි වෙලාවක් යන නිසා. ඒත් ඔන්න මාත් මේ පොත කොහොම හරි කියවන්න තීරනය කරා.

    ReplyDelete
  7. මමත් මේ චිත්‍රපටිය බලලා තියෙනවා. හුඟක් රස වින්දා. පොත හොයාගෙන කියවන්න ඕන. බොහොම ස්තුතියි.

    ReplyDelete
  8. පහුගිය පොත් ප්‍රදර්ශනයෙන් අරන් තියන්න කියපු පොතක්.
    ලංකාවට ආවම තමා කියවන්න වෙන්නෙ .

    මට මේ පොත ගන්න හිතුනේ හසිතගේ ආගිය කතාවක් නිසා
    http://aagiyakatha.blogspot.com/2011/09/blog-post.html

    ReplyDelete