Tuesday, March 16, 2010

අලුත් වැඩකට අතගැහුවා.....



මමත් ෆිල්ම් බලන්න ඇබ්බැහි උන එකෙක් කිව්වොත් නිවැරදියි.
කාර්යාලයේ වේගවත් අන්තර්ජාල සම්බන්ධයකුත් තියන නිසා ඒක තවත් වැඩිවෙනවා.මම වැඩිපුරම බලන්නේ නාට්‍යමය,ආදර කතා,true stories වගේ ඒවා තමයි.
ගොඩාක් වෙලාවට ෆිල්ම් ගැන හොයන්නේ IMDb එකෙන්.
ඉතිං ෆිල්ම් හොයන අතරේ true stories යටතේ 8.1/10 රේටින් ගත්ත චීන ෆිල්ම් එකක් හමුවුනා.
Yip Man(2008)


මේකේ විස්තර බලද්දි දැනගත්තා බෲස්ලීගේ එක් ගුරුවරයෙක් ගැන කතාවක් කියලා.
බාගත්තා.බැලුවා....
පස්සේ මට හිතුනා මේක අපේ සිංහල උපසිරැසි නිෂ්පාදකයා වන රොයිලිට බාරදෙන්න සබ් දාන්න කියලා.
මෙන්න බොලේ මූ කියපි අපි එකතුවෙලා මේ වැඩේ ගොඩදාමු කියලා.
අනේ මගේ සිංහල සබ් දැමිල්ල....උඹම ඒක කරපන් කියලා ඇඟබේරගන්න ට්‍රයි කලා...කොහෙද...මූ මාවත් කොහොමහරි ඈඳාගත්තා වැඩේට.
දෙන්නා කොටස් දෙකකට බෙදාගෙන වැඩේ පටන් ගත්තා.
අම්මෝ.....
එතකොට තමයි තේරුනේ මුන් මේකට කොච්චර කට්ටක් කනවද කියලා....

අනේ ඉතිං මගේ ඉංග්‍රිසි දැනුමට පින්සිද්ද වෙන්න මගේ කොටසිනුත් වැඩිහරියක් රොයිලිටම ඉවර කරන්න උනා...

අන්තිමේ ඕන් දෙය්යනේ කියලා මගේ පළමු උපසිරැසි ගැන්වීම සම නිෂ්පාදනයක් ලෙස අද බයිස්කෝප් එකේ එළිදක්වලා තියනවා...විස්තර එතන තියනවනේ....බාගෙන බලන්න....රසවිඳින්න පුළුවන් ලස්සණ කතාවක් තියෙන්නේ....

11 comments:

  1. එළ. තව ටිකක් හොයාල දාපංකෝ. ඔය වගේ ඒවා
    වෙලාවක් හම්බුනොත් බලන්න ඉන‍්නේ.

    ReplyDelete
  2. ati yaaanatam blog eka update karalaa . ..

    ReplyDelete
  3. aniwaaryen balannam . . . thakooo wewa wadeta ubala hamotama . ..

    ReplyDelete
  4. මරු ෆිල්ම් එක මේක. නියම සටන් ජවනිකා ටිකක් තියනවා.ආයෙත් පාරක් බලන්න ඕනෙ එහෙනම් සිංහල උපසිරැසිත් එක්ක. ස්තූතියි මචන්.

    ReplyDelete
  5. අනේ කොහෙද බොලවු මේ තරං වෙලා හිටියේ...? අපි මොන තරම් වෙලා හෙව්වද කෝ කියලා. බැරිම තැන තමා එදා මම දුකාගෙන් උඹේ නොම්මරේ ඉල්ලගෙන txt කලේ..! අනේ දිගට ම ලියපන් මේ පාරවත් හරිය...?

    ReplyDelete
  6. අනේ යමන් නිකන් කින්ඩිය දාන්නෙ නැතිව. මට නිෂ්පාදකලු. මෙයාට කියලා කට ගන්න හම්බවුණේ නෑ මෙන්න දාලා ඉවරයි. මටම පුදුමයි වේගය ගැන. ඒත් ලියන්නේ මමම ඔක්කොම කළා වගේ. :P

    ඒත් ඇයි තාමත් බයිස්කෝප් එක පැත්තේ ඇවිල්ලා කමෙන්ට් එකක්වත් දැම්මේ නැත්තේ ආ???? එල එල තවත් එකකින් හමුවෙමු නේද සහෝ :D

    ReplyDelete
  7. මම දැන් බ්ලොග් කියවන්නෙ ලාංකීය සිතුවිලි එකෙන් මෙ බ්ලොග් එකත් එකට දාන්න.
    http://blog.inetlanka.com/

    ReplyDelete
  8. රොයිලි මලයා කොහොමත් ඉතින් වැඩකාරයා....

    ReplyDelete
  9. ගයාන් තාරක,
    තව වැඩකට අත ගැහුවා...ලඟදිම ඒකෙනුත් හමුවෙමුකෝ...

    දුකා,
    ඔව් මචෝ.ටිකක් වැඩ වැඩිඋනා.බලලා කියන්නකෝ අපේ වැඩේ කොහොමද කියලා.

    Raven,
    සටන් ජවනිකා නම් නියමයි තමයි...ඒත් මටනම් කතාව තමයි හිතට ඇල්ලුවේ....

    LishWish,
    බලනනකොට අපි දෙන්නටම මිස් වෙලා නේද?
    ලියන්න දේවල් නැනේ යකෝ....

    රාජිත අනුරාධ,
    ස්තූතියි කොල්ලෝ...

    roylyfernando,
    තාම ඔය අටමගලේ හරි ගියේ නැද්ද...
    වැඩ වැඩිඋනා කොල්ලෝ.අරක තවම ඇල්ලුවේවත් නැ...

    kumaraya,
    ඒක අහන්නත් දෙයක්ද අයියේ...

    ReplyDelete
  10. මගේ බ්ලොග් එකෙ free movie links විතරයි
    Mediafire links
    http://free4all4u.blogspot.com/

    ReplyDelete