Saturday, March 20, 2010

ඉගිල ගිය ඔබට.....


නුඹ
අහින්සක සමනළියකි
මම
ඔහේ ඉගිල ගිය
මී මැස්සෙකි...
එක මල් යායක දී
හමු උනා මතකද අප...

ලංවුනා අප
ඔබ මගේ
මා ඔබේ 
මැයි කියා...

දනිමි මම
නුඹ මටද
මා නුඹටද
පෙම්කල වග
මුළු හදින්ම...

ගෙවීගිය අපූරුව 
නොදැනීම 
සුන්දර වූ ඒ කාලය...

සමනලියකට
මී මැස්සෙකු
නොපැහෙනා බව
කියා නුඹ
ගියා මවෙතින්
හුදෙකලාව සහනයකැයි කියා...

දෙසවනට වැටුනා
නුඹ පැතුව
නුඹට ගැලපෙන
සමනලයෙක්ම 
මුණගැහුන වග
හිත පුරා ආදර කරන්නට...

ඉතිං පතමි මම 
ඒ ලොවේ සතුට රැඳෙන්න
ජීවිතේ පුරාවට....

4 comments:

  1. හ්ම්..... ඒ සමනලී සමනලයෙක් හොයා ගෙන නේද? කමක් නෑ... මී මැස්සා... ඔයාටත් පුලුවනි හොයාගන්න සුන්දර මී මැස්සියක්

    මේ සමනලී ඒ වෙනුවෙන් සුභ පතන්නම්....!!

    ReplyDelete
  2. මෙන්න බිඟුවා ආවා..
    සමනලී මට කලියෙන් ඇවිල්ලා...

    මගෙන් ඉල්ලුවානම් දෙනවා ඇති වෙන්න මී මැස්සියෝ.. (රැජිණ ඇරෙන්න.. )
    වරෙන් එහෙනම් අපේ පැත්තේ වෙලා තියෙන වෙලාවක.
    හැබැයි එකයි දෙන්නේ.. පරිස්සමට බලා ගන්න ඔනේ හරිද...
    හික්ස්...

    /බිඟුවා...!

    ReplyDelete
  3. lassanama lassanayi...

    ReplyDelete
  4. හිතට කාවදින කවියක් . . . සංවේගජනකයි !

    ReplyDelete