Saturday, March 27, 2010

ඒ අපි වෙනුවෙන් නේද....


මම සාමන්‍යයෙන් නිවාඩු දිනවලට,ඒ කියන්නේ සෙනසුරාදා ඉරිදා වගේ දිනවල උදේ නැගිටින්නේ සෑහෙන්න පරක්කුවෙලා.වෙනදා පුරුද්දටම 6 විතර ඇහැරුනත් ඇඳෙන් බහින්නේ 8 පහුවෙලා.ඒ කම්මැලිකමටද ඒකට තියන ආසාවටද කියලා හිතාගන්න බෑ.කම්මැලිකම කියන්නේ ඒකට තමයි ඉතිං....

ඇඳේ දිගාවෙලා ඉන්න ඒ කාලය තුල හිත එක එක තැන්වල රිංඟනවා.විශේෂයෙන්ම ගෙවුන සුන්ඳර අතීතය,කඳුලු හෙලන වර්තමානය,අරමුණක් නැති අනාගතය ඔය එකී මෙකී නොකී බොහෝ තැන්වලට.ඒ අතරින් ඉතිං වැඩියෙන්ම සැරිසරන්නේ ලඟදීම ගෙවුන තාමත් ඒ කාලයේම ඉන්න ඇත්නම් කියලා හිතෙන අතීතයේ තමයි....

හැබැයි අද මේ සටහන තියන්නේ ඒවා ගැන කියන්න නෙමෙයි.අද මගේ නවාතැන්පලට  එන මාර්ගය සුබ අනාගතයක ලකුණු පෙන්වමින් කොන්ක්‍රීට් කරනවා.මගනැගුම යටතේ නම් නෙමෙයි ඕන්.මේක අගනුවර තියන පුද්ගලික පාරක්.

ඉතිං මම කියපු අර ඇඳේ දිගාවෙලා ඉන්න හෝරා කීපයේදී, කොන්ක්‍රීට් කරන්න මූලික බිම් සැකසුම් සිද්දවෙනවා පහල.අවුරුදු ගානකට පස්සේ උදැල්ලක් පොළවේ ගැටෙන හඬ ඇහිලා අර ඔහේ සැරිසරමින් තිබුන මගේ හිත එතන නැවතුනා.මම හිතන්නේ ගොඩාක් කාලයකට පස්සේ ඒවිදියට ඒ හඬ මට ඇහුනේ.

ඒක මට මගේ අම්මයි අප්පච්චියි මතක් කලා....

මගේ ජීවිත කාලයෙන් මට මතක තියන අවුරුදු 25 විතර කාලය පුරාවටම පොළවත් එක්ක හැප්පෙන තාමත් එපා කිව්වත් අහන්නේ නැති මගේ අම්මයි අප්පච්චියි....

මායි මගේ සහෝදරියනුයි මේතැන්වලට ගේන්න,ඒගොල්ලන්ට නොලැබුන දෙවල් අපේ ජීවිතවලට ලබා දෙන්න අප්පච්චිත් එක්ක හරි හරියට පොළවත් එක්ක හැප්පෙන අම්මව...

කරකස වෙලා තියන පොළව  උදළුගා ලඟ එන වැස්සත් එක්කම මුං,කව්පි,බඩ ඉරිඟු,ආහාරයට ගන්න පුළුවන්,ඒ බිමේ සරුවට හැදෙන ඔය හැමදේම ඉන්දවන්න වෙන මහන්සිය....

ඒ හැම දෙයක්ම අපි වනුවෙන් නේද...

ඒත් වයසට ගියත් එපා කිව්වත් අතහරින්න සූදානම් නැති දේත් ඒකම තමයි.එදා අපටත් මේ හැමදෙයක්ම පුරුදු කලේ මොනා නැති උනත් ඒ දෙයින් හරි ජීවත් වෙන්න අපට හයිය දෙන්න බව දැන් තමා හරියටම වැටහෙන්නේ.

දබරවෙවී හරි ඒවත් අපිත් කලා.

සත්තයි දැන් මම උදැල්ලක් අල්ලලා පැයක් වැඩකලොත් අතේ දිය බුබුලු එනවා බලාගෙන ඉන්නකොට.ඇඟ ඒතරමට හොරවෙලා.අප්පච්චිට දැන් 65 වෙනවා. ඒත් තාමත් කුඹුරු  කරනවා.එයාලා අපේ වයසෙදී අක්කර ගනන් කුඹුරු අස්සද්දලා තියනවා.අනේ අපි මොනාද අස්සැද්දුවේ. අඩුම තරමේ අපේ ජීවිතවලටවත් ?

අම්මෝ මම ලියපු දිගම පෝස්ට් එක මේකද කොහෙදෙ.
මේකේ කටුසටහන ගැහැව්වෙත් අර ඇඳේ හිටපු හෝරා කීපයේදී තමයි....

17 comments:

  1. කතාව නම් සම්පූර්නයෙන්ම ඇත්ත. අපේ දෙමාපියන් අපි වෙනුවෙන් කොච්චර දුක් විඳිනවද.

    ReplyDelete
  2. ජීවිතේ ලියන කොට හිත සැහැල්ලූ වෙනව... ලිවීමේ හැකියාව දියුණු වෙනව... උපේක්ෂාව පුරුදු වෙනව... ඔයාගෙ දුක අකුරුත් එක්ක අමුණන්න...

    ReplyDelete
  3. හොඳ පෝස්ට් එකක්..

    ReplyDelete
  4. හම් එක්නම් ඇත්ත

    ReplyDelete
  5. අම්මලා අප්පච්චිලා එක්ක බැලුවම අපි මොනවද බං කොරලා තියෙන්නේ..? ඒ හැටි. අපිට කවදාවත් ඒ අයගේ තැන ගන්න බැහැ..! ඒක නියතයක්...!

    ReplyDelete
  6. dan nidi matay ban.
    passe kiyawanawa.
    kiyawanna vatinawa wage title eka

    ReplyDelete
  7. එච්චර මහන්සිවෙලා උඹලා වෙනුවෙන් ජීවිතේ දිය කරන දෙමව්පියෝ නිසා වත් උඹ ඔය දැන් ගතකරන කඳුලු ජීවිතේ . . ඒ කිව්වේ ආදර අතීතයේ හොල්මන් වලින් මිදිලා අර උඹ කියපු අරමුණක් නැති අනාගතය නෙමේ පැහැබර අනාගතයක් ගැන සිහින මවන්න පටන් ගන්න දැන් කාලේ හරි කියලා හිතෙන්නේ නැද්ද මචං . . ?

    ReplyDelete
  8. All Sri Lankan Bloggers invited to join the
    one and only Multi lingual
    DIRECTORY OF SRI LANKAN BLOGGERS
    Orchids
    http://www.orchidslk.co.nr/

    ReplyDelete
  9. අදයි ඔයාව හම්බ වුනෙ.. හැම තැනම චමිදෙවා ව දැක්කට ලින්ක් එකක් වත් එවගෙ තිබුනෙ නැහැනෙ...

    ReplyDelete
  10. ගොඩක් කාලෙකින් ලියල නැහැ... අවුරුද්දට දැක්කෙත් නැහැ. චමී මලේ ඔයාට මොකද වුනේ. ගම් බිම් තියෙන්නෙ කොහෙද?

    ReplyDelete
  11. ආපහු ආවා.. කියෙව්වා..

    අන්දර යායෙ වැව තාවුල්ලෙ සක්මන් කරනා අප්පච්චි...
    වෙලෙ දියයි මට කෙතෙ නිලයි ගහ වැනි මලයි මට අප්පචිචි..

    ඔයා මම මෙක කියවද්දි මට මතක් වුනෙ එ සින්දුව.. ඇත්තට අප්පච්චිලා කරපු දෙවල් වලින් පොඩ්ඩක්වත් අපි කරලා නැහැ..

    ReplyDelete
  12. සුළඟ4/22/10, 2:28 PM

    ඒ කාලෙ අප්පච්චිලා අවුරුදු 80 වුනත් ලෙඩක් දුකක් නැතිව වැඩ කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ අයගෙ ජීවිතත් සංකීර්ණ නැහැ.

    ReplyDelete
  13. ඔන්න ආවා...

    කතාව ඇත්ත...
    ඔව් කොල්ලා... අපි මොනවද කරන්නේ...
    අපි මොනවද කරලා තියෙන්නේ...
    අපේ තාත්තලා එක්ක බලනකොට.
    තාමත් අපි ගැනමයි....

    post

    නියමයි...

    ReplyDelete
  14. සහතික ඇත්ත.අම්මලා තාත්තලා තාමත් අපි වෙනුවෙන් වැඩ.

    ReplyDelete
  15. ජීවිතය චක්‍රාකාරයි නේ. . . දෙමාපියන් අප ඇතිදැඩි කර, උස් මහත් කො‍ට,අනාගතයක් සලසනවා! දිනක දී අපත් දෙමාපියන් වෙනවා. දරු සුරතල් බලා ඔවුන් උස් මහත් කරනවා. වයසට ගිය වැඩපල කර ගන්න බැරි තත්වයේ දෙමාපියන් රැකබලා ගනනවා! මෙයයි මේලො ජීවිතය චක්‍රය...

    ReplyDelete
  16. ලියන එක නතර කරලද.... මොකද මේ..
    පුරුද්දට එනව. ඇවිත් බැන බැන යනව....
    මොනා හරි ලියහන් මල්ලියේ.......

    ReplyDelete
  17. අපි හැමෝම යාන්ත්‍රික වෙලා මචන්. ඒ නිසා අපිට කිසිම වැඩක් කරන්න වෙලාවක් නති වෙලා. අපි කරන්නේ ඔෆිස් යන එක විතරයි. වත්තේ පිටියේ කිසිම වැඩක් අපි කරන්න්නෑ. අන්තිමට වෙන්නේ අපි නිකන්ම ලෙඩ්ඩු වෙන එක විතරයි.

    ReplyDelete