Saturday, May 8, 2010

නෙතේ කඳුලු මං නිසාද...?

දුක් කඳුලැල් පිරුණ නෙතට
තුටු කඳුලැල් ගෙනා නුඹට...

සෝ සුසුමන් පිරුණ හදට
පෙම් හැඟුමන් ගෙනා නුඹට...

සොවින් පිරුණ මුහුණ මතට
සිනා කැකුලු ගෙනා නුඹට...

ඉතිරි කලේ කඳුලක්
පමණිද මා නුඹේ නෙතට....?

19 comments:

  1. අනිත් පාර්ශවය ගැනත් හිතන හොද ප්‍රේමවන්තයෙක්...

    ReplyDelete
  2. වෙනස් සිතිවිල්ලක්.. හුඟක් වෙලාවට කතා කෙරෙන්නේ තමන්ට කඳුළු ආපු එක ගැන නේ

    ReplyDelete
  3. ලස්සන කවියක් අයියෙ..

    නුඹ දෙනෙතට තුටු කඳුලැල්...
    නුඹ හද වෙත පෙම් හැඟුමන්
    ගෙනා මහිත දමා ගියේ
    පෙමක් නොමැති නිසා නොවේ....
    ඩ්ජනිමි මගේ සබඳ ඉතින්
    අපිට අපිව අහිමි වගත්...

    ReplyDelete
  4. ලස්සනයි අයියේ.......

    තරු කැට වන් නුවන් යුගට
    නුඹ දුක් කදුලැලි දුන්නද
    සිහින පැතුම් පිරුනු හිතක්
    තනිකර ඔබ ඉවත ගියද
    අහිතක් නැත මගේ සිතේ
    ඔබ සෙනෙහේ ලබනට
    මා කල පින් මදි පෙම්වත.......

    ReplyDelete
  5. මෙච්චර දවසක් උන්නට මම දන්නේ නෑනෙ ඔයා ලියනවා කියලා..ඔන්න මාත් ආවා මේ පැත්තට...

    අර පිස්සා කිව්වා වගේ අනිත් පාර්ශවයත් ගැන හිතන හොඳ ප්‍රේමවන්තයෙක්....
    අපූරු පද ටික

    ReplyDelete
  6. ගොඩක් ලස්සන නිර්මාණයක් චමී. ඇපි නිතරම අනෙක් කෙනාගේ පොඩි හරි වැරැද්දක් හොයාගෙන ආඩපාලි කියනව දුක් වෙනව හැර අපෙන් වෙන වැරදි දිහා බලන්නේම නෑ නේ . . .. හරිම ල්ස්සනට ලියලා අන්තිම පදේ පොඩ්ඩක් ෆ්ලොව් එකට වෙනස් ගතියක් එනවා වගේ . .. . අයේ පොඩ්ඩක් බලපන්. . .

    ReplyDelete
  7. නියමයි යාඵ...

    ReplyDelete
  8. නෙතේ කඳුළු බිඳු වියැකෙන දවස ලඟයි
    සෝ සුසුමන් ගීයක් වෙන දවස ලඟයි
    සෝබර මුහුණ සිනා ගලන දවස ලඟයි
    මට දුක එදින මා නුඹ ළඟ නොමැති නිසයි

    ReplyDelete
  9. ආදරය සහ කඳුල... එකම කාසියක දෙපැත්ත වුනේ ඇයි...

    ReplyDelete
  10. @.::පිස්සා::.,
    හ්ම්ම්ම්...

    @Naya,
    ඒකනේ...අපි අනෙකා ගැනත් හිතනවානම් ආදරේ තව කොච්චර ලස්සණ,ආදරණීය වෙයිද?

    @ස්තූතියි නංගියෝ...
    ඒක අපි පතා ආපු විදිය වෙන්න ඇති...

    @හා පැටික්කි(MS),
    ස්තූතියි හා පැටික්කියේ...

    @දිල්,
    ඕගොල්ලන්ට එන්න මම මුකුත් ලිව්වේ නෑනේ...ස්තූතියි දිල්...

    @දුකා,
    මම හින්ඳා මගේ ආදරණීයම කෙනෙකුගෙ නෙතට කඳුලක් ආවා.ඒක නිසයි මේක ලිව්වේ...
    මටත් ඕකම හිතුනා.පැයක් විතර කල්පනා කලා කොහොමද හොඳ කියලා.හරි ගියේ නෑ.ඒහින්දයි ඔහොම දැම්මේ.
    ඔන්න ටිකක් විතර ගලපා ගත්තා...

    @``` Outsider```,
    ස්තූතියි සහෝ...

    @wath,
    කොහොමද එහෙම කියන්නේ...
    මම හිතන්නෑ එහෙම වෙයි කියලා..

    ReplyDelete
  11. ඉතිරි කලේ කඳුලක්
    පමණිද මා නුඹේ නෙතට....?

    ehema kohomadha . . ?

    ReplyDelete
  12. එහෙම නියමයි...
    ඔන්න හැදුවා...
    ස්තූතියි දුකෝ...!

    ReplyDelete
  13. මම ත් මේ ලඟදි බස් එකේ යනකොට සිOදුවක් ඇහුන තාලෙට මොනවද විකුනනව....මේ කඳුලු අරන් යන්න.....ඔබම දුන්නු දෑසේ කදුලු ඔබම අරන් යන්න....මටත් කෑ ගාන්න හිතුන ලාබයි සත 50 යි ගන්න කඳුලු....කඳුලු.... කියල ඒත් හිල්මි කියන හඬට මට දුක ටිකක් ආව...

    ReplyDelete
  14. චමිදෙවා අයියා ලස්සනට වැඩෙ අමුනලා තියනවා.. ලස්සනයි

    ReplyDelete
  15. දැන් මේ කවි ලියන්න බෑ කියන වාසලමද මේ???

    මට නම් පුදුමයක් :)

    ReplyDelete
  16. කවිය ගැන සිතට දැනෙන විදියට නම් කදුලක් හිමි කරන්න ඉස්සෙල්ලා ඒ ගැන හිතුවොත් නරකද? කමක් නෑ පසුවට හරි ඒ දේ ගැන සිතුන එක හොදයි. අනෙක් කෙනාගෙන් තමන්ට ලැබුනු හොද ගැන සිතන එක ගොඩාක් හොද දෙයක්.
    ලස්සනට පද ගලපලා තියනවා. ඔබට ජය වේවා!

    ReplyDelete
  17. හරිම ලස්සනයි

    ReplyDelete
  18. හ්ම්! කවුද දන්නේ සමහර විට නෙතට කඳුළක් නැගුනේ ආදරේ වැඩි කමටද දන්නේ නෑ...?

    ReplyDelete
  19. ඔබේ නිර්මාණ පිටුවක් සොයා කල පීරුමක අවසන මෙතැනට සේන්දුවුනා.

    වෙනස් කෝණයකින් බලන්න දරණ උත්සාහය ඔබේ නිර්මාණයන්හි වෙනස, වඩාත් සිත්ගත්තා. දිගිටම ලියන්න, කවි පද අතරින් වෙනසක් දකින්න උත්සාහ ගන්න ඔබට සුබපතනවා.

    ReplyDelete