Friday, May 28, 2010

මගේ පැතුම....


ඔබේ පැතුමන් රළක් උනෝතින්
එපා කිසිදින විසිර යන්නට....
ඔබේ සිනහව ගඟක් උනෝතින්
එපා කිසිදින සිදී යන්නට....
ඔබේ සෙනෙහස වලාවක් උනෝතින්
එපා කිසිදින පාව යන්නට....

කඳුලු බිඳු වියැළිලා
පතන පැතුමන් ඉටුවෙලා
ජය ගන්න නුඹෙ ලොව කිරුල දරලා
මගේ හදින් පැතුමක් මතුවෙලා....


10 comments:

  1. තමන්ගෙ කඳුල යටකරලා අනිකගෙ හොඳ ගැන හිතන සැබෑ ප්‍රේමවන්තයෙකුගෙ සටහනක්. ආදරය තියෙන්නෙ ගන්න නෙවේ දෙන්නලුනෙ :) හ්ම්ම්ම්...

    ReplyDelete
  2. ජිවිතේ හරි පුදුමාකාර දෙයක්... ආදරේ ජීවිතේට එන්නේ නොසිතූ වෙලාවක නොසිතූ පරිදි.... අද ආදරේ කියල හිතන දේ සබෑව නොවෙන්න පුලුවන්..
    කවද හරි සබෑව තේරුන දවසට ඔය නෙතට සතුටු කඳුළු ඒවි....... එතකම් ඉවසන්න මගේ මල්ලියේ....

    ReplyDelete
  3. මම මේ ඔයාගෙන් දකින හොදම දේ.තමන්ට අහිමි උනත්...කිසිඳු අහිතකින් තොරව " සැබෑවටම පෙම් කල ප්‍රේමවන්තයෙක් " ලෙස ඇයට සුබ පැතීම......මම කලෙත් ඔය ටිකමයි....

    පද ටික සරළ උනත් හරිම සංවේදීයි සහෝ....

    ReplyDelete
  4. ආ...තව එකක් කියන්න බැරි උනා..පින්තූරය මේ පද ටිකට කොයිතරම් ගැලපෙනවද කිව්වොත්...හරියට පින්තූරය පද ටික මුමුණනවා වගේ

    ReplyDelete
  5. රිදුනු ඔබ සිත සැනසිලා
    සතුට හිමිවෙයි මතු දිනා
    එලෙස පතනෙමි මම මෙදා
    ඇත්තටම දිල් කිව්වා වගේ පින්තූරය මුමුණනනවා ඔබේ පදවැල :-)

    ReplyDelete
  6. මමත් බැලුවා............

    ReplyDelete
  7. තමුන්ට අහිමි වුනත් යහපතක්ම පතන උතුම් පදවැලක්

    ReplyDelete
  8. රැළක් වේ නම් බිඳී යාමය
    උරුම ඇත්තේ ගැටි ගැටී
    ගඟක් වූවොත් සිඳී යාමය
    උරුම ඇත්තේ යළි යළි

    එලෙස බිඳෙනා රැල්ල නොබිඳින
    ලෙසින් ඉල්ලන ඔබ වැනි
    පෙම්වතුන් සිටිනා ලොවක් ඇත
    වළා පෙළ බිම කොට ඇති

    රැල්ල බිඳිනට හේතු වූ රළු
    සයුරු ගිරි හිස නොවේ නම්
    තැවුල් කුමටද තුරුණු සිතකට
    හිතේ කහටක් නොවෙයි නම්

    ReplyDelete
  9. හරිම සංවේදීයි..
    වාසලට මෙහෙම ලියන්න පුලුවන් කියලා මම දැනන් උන්නේ නැහැ.
    :D

    ReplyDelete
  10. ඇත්තටම ලස්සනයි..!!

    ReplyDelete