Monday, June 7, 2010

ඇවිත් යන්න එන්න....



හෙමින් හෙමින් 
මගේ ලඟට 
ටිකෙන් ටික 
දෝරේ ගලාවිත්
සනහා මගේ ගත....

විටෙක බෝ කල් 
හමුවන්න නාවත්
පමණටත් වැඩියෙන්
මා ලඟ 
විටෙක දැවටුන....

මා ලඟින් සිටි 
සැමගේ රිදවා හදවත්
තලා පොඩිකර 
යන්න ගිය ඔබ....

බලා ඉන්නවා තවමත්
එනතුරු මගේ ලඟට
වියැකෙන්නට හැර
ඒ අතීතය...

කම්නෑ ආවාට
නිරිත දිගින් හෝ
ඊසාන දිගින්...


13 comments:

  1. මතක සෝදා හැර
    එන්න විවරයි නුඹහට
    වහින නව වැස්සට
    ඉතින් නුඹමයි මගේ ජීවය

    අලුත් වැස්සට ආරාධනා

    ReplyDelete
  2. නිර්ව්‍යාජ ආරාධනාවක් !

    ReplyDelete
  3. ලස්සන හදවතකින් ගෙනැන ලස්සන ආරාදනවක්.

    පද පෙලත් හරිම අපුරුයි..

    ReplyDelete
  4. ඇවිත් ආපහු යන්නද එන්න කියන්නෙ?

    ReplyDelete
  5. නිමා කොට ඉඩෝරය
    නව වැස්සක් වී එන්න

    අහිංසක ආරාධනයක්, ලස්සන පදපෙල

    ReplyDelete
  6. ආවොත් යන්නම වෙනව නේ රෝ........

    ReplyDelete
  7. හෙමි හෙමින් ආවද
    ටික ටික ගලා ආවද
    බොහෝ කල් නාවද
    වැස්ස නෑ වැඩි ආව දාකට

    ප්‍රේමයත් එසේමයි
    විටෙක උතුරා ගලා යයි
    නියඟක්ද ගෙන එයි
    ආව දාකට සිත පිරී යයි

    ඇත පැරණි මතකය
    පෙම් ගං වතුරු මතකය
    නැතත් එය හැම දින
    කරයි නිරුදක කතර සාරය

    ReplyDelete
  8. ලස්සන පද පෙලක්.

    ReplyDelete
  9. "බලා ඉන්නවා තවමත්
    එනතුරු මගේ ලඟට
    වියැකෙන්නට හැර
    ඒ අතීතය..."

    හිත රැඳුනු තැන

    ReplyDelete
  10. පමණට වැඩියෙන් නුඹ මා ළඟ දැවටුන විට
    නුඹේ සිසිල් සෙනෙහස මම අත්වින්දේ නෑ
    නුඹේ පහසට මම කොයි තරම් ලෝබද කියලා
    දැනුනේ නුඹ දුර ගිහින් කල් ගත උනා මයි..

    ReplyDelete
  11. ඇවිල්ලා සදහටම ලඟ ඉන්න කෙනෙක්ගෙන් හම්බෙන ආදරය අපිට ටික කාලෙකදි එපා වෙනවා, අපිත් මනුස්සයොනෙ... මට හම්බෙලා තියන්නෙත් මට හැමදාම හිමි දෙයක් නෙමෙයි. හැබැයි මම එ දෙ නැති කරගන්නෙත් නැහැ. මමත් කියන්නෙ එන්න... ඇවිත් යන්න .. එන්න... " ((( ගර්....ගර්....හැබැයි මෙතන නතර වෙන්න නම් හදන්න එපා, මගෙ නිදහස කන්න... මගෙ ආතල් එක කන්න .... හා හා..

    ReplyDelete
  12. හැමදාම නැතිවුණත් , ඉඳලා හිටලා හරි ඇවිත් යනවනං කොච්චර දෙයක්ද...

    ලස්සන පද පෙළක්.....

    ReplyDelete