Thursday, June 24, 2010

අතරමං වෙලා මං....

             මා සිත් අහසේ සඳ පායා තිබුනත්
        තරු කැටයක් වි නුඹ මසිත තවත් එළිය කලා...


       මහ මුහුදට මා හිමිකම් කීවත් 
       පොද වැස්සක් වී නුඹ මා පවස නිවූවා...


       මල් යායක මා තනිවි සිටියත් 
       නුඹ සුදු මලක් ව මා හිස සැරසූවා...


        මහමෙරක පෙමක් මගෙ සිත වින්ඳත්
        නුඹ සෙනෙහස යදිමින් සිත ඉකිබින්දා...





9 comments:

  1. ලස්සනයි සහෝ සිතිවිල්ල....

    ReplyDelete
  2. සඳක් වුවත් පල නැහැ තරු කැට තරම‍
    මුහුදක් වුවත් පල නැහැ දිය බිද තරම
    මල් යායක් වුවත් පල නැහැ නුඹ තරම
    අන් සිත් පලක් නැහැ නොවේදෝ ඇය තරම

    ReplyDelete
  3. අතරමං වෙලා කියලා දැනුන තේරුන එකම මදෑ ඊලඟ පාර අතරමං නොවී ඉන්න :)

    ReplyDelete
  4. "නුඹ සෙනෙහස යදිමින් සිත ඉකිබින්දා..."

    මේ ඉකිබිඳින්නේ නොලැබෙන සෙනෙහසක් වෙනුවෙන් නේද බන් . ..

    දැන් වත් ඇති කියලා හිතෙන්නේ නැද්ද . . ??

    උඹයි මාරයයි දෙකම එක අච්චුවේ

    ReplyDelete
  5. "මල් යායක මා තනිවි සිටියත්
    නුඹ සුදු මලක් ව මා හිස සැරසූවා..."

    ලස්සන සිතුවිල්ලක්, අගේය

    ReplyDelete
  6. ඇතත් බොහෝ දේවල් දිවියට යාව
    වටිත් නොවේ, නැති දෙයටයි ඇඬියාව
    අතත් පපා දුක දරමින් හිත ගාව
    ඉකිත්බිඳිනට එතරම් දෝ මාව

    ReplyDelete
  7. මේක වල්කමද කියලත් හිතෙනවා වෙලාවකට

    ReplyDelete
  8. සුන්දර සිතුවිල්ලක්......:D.....

    ReplyDelete