Tuesday, August 3, 2010

ආයෙමත්....


උඹ පාගලා
බිම දාලා ගිය
මගෙ හද
මම හෝදලා මිරිකලා
වේලෙන්න දැම්මා...

ඒත් අමතක උනා  මට
වැස්සට කලින් අරගන්න...
තෙතබරිතවෙලා 
බිමට වැටිලා ආයෙමත්...

15 comments:

  1. මම වේලෙන්න දැම්ම හදවත සුළිසුලඟකට ගහගෙන ගියා. කිල්ප් එකක් ගහන්න අමතක වුණානෙ. එහෙම තමයි ජිවිතෙ, එහෙමයි කියලා මෙහෙම ඉදලත් හරියන්නෙ නැහැ. දැන් හදවත තෙමිලා බර වැඩිවෙලා. ඔක මිරිකන්න යන්න එපා, සිරුවට අරන්, බෞද්ධ ධර්මය නැමති කාමරයට දාලා, කාලාම සුත්‍රයෙ එල්ලන්න.
    හික් හික්.. අපි ගියා.. ආපහු එන්නම්. වෙලාවක.

    ReplyDelete
  2. ඒ ඔයාගේ තියෙන නොසැළකිල්ල.. කවුරු හරි බිම දාලා පෑගුවා කියලා ඔයත් ඔයාගේ හදවත නොසලකා හැරියොත් කවද හරි ඔය හදවත වටින කෙනෙක් ආපු දවසට දෙන්නේ මොනවද?

    ReplyDelete
  3. ඔය කීවට හදවත හරිම හයියයි.......ඉරෙන්නේ නෑ කාලය කියන ඔසුව තියෙන තුරු ලෙසියෙන්.....

    ReplyDelete
  4. හෙට ඉර පායන හින්දා .........
    හෙට වහිනේ නැති හින්දා ...........
    ආයෙත් තෙත හින්දවලා ........
    වැලකට දාන්න සහෝ ........

    ReplyDelete
  5. හ්හ්ම්ම්..
    කාලෙකින්..!!
    :)

    සම්පුර්ණ නොසැලකිල්ල තමයි..
    :D
    අපූරුයි වාසල.

    ReplyDelete
  6. තියෙන නොසැලකිල්ලම තවා. අඩුම තරමින් ආයෙම ලැබුනට පස්සෙවත් පරිස්සම් කරගන්න දන්නෙ නැති හැටියක් මම අහන්නේ....

    අපූරු නිර්මාණයක් චමී

    ReplyDelete
  7. හද වත කරවල කරන්ටද වැලේ එල්ලුවේ..... :D

    ගැඹුරාර්ථය මම වින්දා

    ReplyDelete
  8. මෙ නෙට් එකෙ ඉන්න ගැහැණුන්ට ඔක තෙරෙන්නෙ නැහැ, චමි අයියා, උන් හිතන්නෙ එතනදි බිම දාලා පාගන්නෙ හදවත විතරයි කියලා, එක පරිස්සම් කරගන්න ලු.. ඔක පරිස්සන් කර ගත්තනම් එතන හැබැ ආදරයක් නැහැනෙ.. ගනුදෙනුවක්නෙ.. නෙද..?
    මම නම් ඉට පස්සෙ එකෙ තිබුන ලේ ටිකත් අසරන ලෙඩ්ඩුන්ට දෙන්න ඉස්පිරිතාලෙට දුන්නා.

    ReplyDelete
  9. දිස් ඉස් ‍ගෙරේට්! :) මමත් ආවා මේ ඉසව්වට ගොඩ වැදිලා යන්න. ආය දෙකක් නෑ ඔන්න ෆලෝ පාරක්ම දුන්නා.

    ReplyDelete
  10. නොසැලකිල්ල නොසැලකිල්ල නොසැලකිල්ල නොසැලකිල්ල නොසැලකිල්ල නොසැලකිල්ල නොසැලකිල්ල නොසැලකිල්ල නොසැලකිල්ල නොසැලකිල්ල නොසැලකිල්ල නොසැලකිල්ල නොසැලකිල්ල නොසැලකිල්ල නොසැලකිල්ල
    හැමෝම කියන්නා වගේ නොසැලකිල්ල...

    ReplyDelete
  11. නොසැලකිල්ල නේන්නම්. වෙන මොකක්ද? :)

    මමත් රසවින්ඳා සහෝ හදවතින්ම.

    ReplyDelete
  12. මෙහෙමත් නොසැලකිල්ලක්. ඉතින් අනිත් අය ඔය හදට සලකයිද?
    මැණික්(සුළඟ)

    ReplyDelete
  13. තෙතබරිතවෙලා
    බිමට වැටිලා ආයෙමත්...



    ආයෙත් මෙහෙම නොවන්නට ,,,,,වග බලා ගත යුතුමෑයි

    ReplyDelete
  14. ටක්ගාලා අහුල ගත්තනම්... තව කාටහරි පෑගෙන්න කලින්.....

    ReplyDelete
  15. සේදෙන්න සේදෙන්න

    වෙන්නේ පිරිසිදුනම්

    කීම වරද තෙමීමේ

    හදවත අලුත් වෙයි ඉන්

    ReplyDelete