Thursday, October 14, 2010

මගේ නොවන නිසාවෙන්...


ආසයි මම 
රැකගන්න ඔබ
මගේ ලොව තුල...
නුඹට අයිති ලොව
මගේ සුරත නොවන වග
දැන දැනම සිරකලත්...
හැකිය නුඹහට
පැමිණිවිට කාලය
ඉගිල යන්නට 
නුඹේ ලෝකෙට...


9 comments:

  1. හරිම නිදහස් සෙනෙහසක් තුල
    සැගව මියදී යන්න හැකි වෙද
    නුඹේ සිතකට දුකක් දි තව
    වෙනත් තැනකය යන්නෙ කෙලෙසද

    ReplyDelete
  2. ලස්සනයි. "පැමිණිවිට කාලය
    ඉගිල යන්නට
    නුඹේ ලෝකෙට..."
    මැණික්(සුළඟ)

    ReplyDelete
  3. දරාගන්න පුළුවන්ද? නැත්තං අර ප්‍රේමය යනු ගැනීම නොව පිදීමයි කියල හිත හදාගන්නවද? කොහොම වුණත් ඊට පස්සෙ ඉතිං දුක්බර කවි ලියන්න පුළුවන්නේ....

    ReplyDelete
  4. සෙනෙහසක් පිදිය යුත්තේ හරිම නිදහස්වයි.වෙනත් ලොවකට යන්න හදනවානම් සිරකර තබා ගතයුතු නැහැ. නිදහස දියයුතුයි තමන් කැමති ලොවකට පියබා යෑමට

    ReplyDelete
  5. මුව ගොළු වෙලා මම
    අසරණව හිඳින සඳ
    අස්වසන්නට නුඹව
    වදන් මාවෙත නොමැත
    කාලය විසින් සැම
    විසඳාවි මා සබඳ
    එතෙක් නුඹ හිනැහියන්
    තනිකමට ඉඩ නොහැර

    ReplyDelete
  6. ආදරය දෙනු මිස
    ලැබ ඇත්ද කිසිදිනක
    සෙනෙහ ගග ගැලුවා වුව
    නියගයට තහනම්ද
    ඒ ගග සිදලන්න....

    ReplyDelete
  7. බැහැ යන්නට දමා නුඹව
    කරනකොට මෙතරම් ආදරේ..........
    සුභ අලුත් අවුරුද්දක් වේවා..........

    ReplyDelete