Tuesday, January 4, 2011

ජීවිතය ගඟක්ලු....

ජීවිතය ගඟක් වගේලු
කඳුහෙල් අතරින්
වන තුරු මැදින්
ගලනවා වගේලු...

ඒක එහෙමයි කියමුකො...

ඒත් ඉතිං
නිදහසේ ගලාගෙන යන්න
කොහෙද ඉඩක්
වෙන උන් ඇවිත්
බැමි බැඳලා
උමං හාරලා
වෙන පැතිවලට හරවනවනේ
ඒක උන්ගේ දෙයක් වගේ....

ඉතිං කොහොමද
ඔය කියන ගඟක ලස්සණ
ජීවිතේ ඇතුලේ දකින්නේ....

21 comments:

  1. හැබෑවට මචෝ ඒකත් ඈත්ත නේ....
    අම්මපා කවුරු කිවුවද මන්දා ඒ කථාව....:D

    ReplyDelete
  2. ලස්සන පදපෙල..

    දෑන් උබේ ජිවිතේ කවුද ගලාගෙනයන්න දෙන්නේ නෑතුව බෑමි බෑදලා තියෙනේ...

    ReplyDelete
  3. ආරම්භයේ පටන්ම ගලන විදියට ජීවිතයට ගලන්න දුන්නනම් අද ලෝකය මීට වඩා ‍ගොඩක් වෙනස් විදියෙ තැනක් වෙන්න තිබුණ.

    ReplyDelete
  4. ඔය අනන්මනන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරලා බලද්දි මම හිතුවා ඔය වගේ සිතුවිලි පහල වෙයි කියලා...

    ReplyDelete
  5. ලස්සන අදහසක්..!!
    :)

    ReplyDelete
  6. කවුද අපේ චමියගේ ජීවිතයට බැමි බදින්නේ.. අහුවෙන්කෝ... මම හොදවයින්සිමෙන්ති කොට්ට ටිකක් දෙන්නම් මයෙ ගානේ...

    ReplyDelete
  7. ඒ උනාට මචෝ හරවපු ගඟවලුත් කොහොම හරි ගලාගෙන මූදට යනවනේ. අරමුණ ස්ථීරයි නම් කවුරුවත් කොහොමද කෙනෙක්ගේ ජීවිතයට බලපෑම් කරන්නේ? පසුබැසීම් අමතක කරලා දාලා අලුත් අවුරුද්දේ අලුත් විදියකට ජීවීතේ පටන් ගත්තොත් හොඳ නැද්ද?

    ප.ලි.
    උඹට යංතම් බ්ලොග් එක මතක් වුනා නේද? උඹව මේකට නිතරම ලිපි නොලියවන්න මමත් එක හේතුවක් වුනා මම හිතන්නේ :(

    ReplyDelete
  8. අපොයි එතකොට ගඟට කැපූ ඉනි වලට මොකද වෙන්නේ...

    ReplyDelete
  9. කව්ද මචන් වේලි බැන්දේ....??
    කාලෙකින් ලස්සන පද වැලක් ලියවිලා තියෙන්නේ..

    ReplyDelete
  10. නියම තේරුමක් තියෙනවා

    ReplyDelete
  11. හැබෑටම අම්මපා.....

    ReplyDelete
  12. මේකේ තෙරුමට මම කෑමතියි..ගොඩක් විදියට තෙරුම් ගන්න පුලුවන්!!

    ReplyDelete
  13. කාලෙකට පස්සේ.., ගඟක ලස්සන ජීවිතේ ඇතුලෙන් දකින්න බෑරුව ඇති, ඒත් ජීවිතේ ලස්සන ගඟක් තුලින් දකින්න පුලුවන් බව නම් මම දන්නවා..!

    ReplyDelete
  14. ගලන එක ඔන්න ඔහෙ මිනිස්සුන්ට විදුලිය ටිකක් හදලා දිලා යමු කියලා තමයි කියන්න වෙන්නෙ. හිමිට හිමිට ගලමු මඩ ටික තියලා. තව තව අතු ගංගා එකතුවෙයි එවත් එක්ක ගලමු කොහොමත් මුහුදට වැටෙද්දි අපිට ඉතුරු කරගත්තු දෙවල් ගොඩාක් තියෙයි ගෙනියන්න :D :D

    ReplyDelete
  15. ඔයා ලියලා තියන අදහස නම් හරියටම හරි . ඒත් අයියා හිතනවාට වඩා ජීවිතේ ගොඩක් ලස්සනයි .

    ජය වේවා !!

    ReplyDelete
  16. හරවපු ගඟ සුන්දර නිම්නයක් හරහා ගැළුවොත්නම්...වැඩේ නරකමත් නැහැ නේද...!! :)

    ReplyDelete
  17. ගඟ අඬාගෙන කඩා වැටුනම

    සොඳුරු දිය ඇලි බිහි වුනේ

    වේලි අස්සේ බොහෝ දුක් විඳ

    ගම දොරට විදුලිය ගෙනේ

    එවන් එළියෙන් පොත් අකුරු කර

    පුංචි පැටවුන් හිනැහුණේ

    වින්ද අතවර කමක් නැහැ යැයි

    මුහුද ලඟ ගඟ සැනසුනේ

    ReplyDelete
  18. බැලුවාම ඒකත් ඇත්ත ...

    ReplyDelete
  19. රොයිලි කියල තියෙනව වගේ බැමි වලින් පුළුවන්ද ග‍ඟේ ඉලක්කය වෙනස් කරන්න. පාර වෙනස් වෙලා කැරකිලා කැරකිලා ගඟ යන්නෙ මූදටම තමයි :-)

    ReplyDelete