Saturday, December 3, 2011

මොනිටරයෙන් 3D ෆිල්ම් බැලීම


දැන් අලුතෙන් එන ෆිල්ම් බොහොමයක් නවතම තාක්ශණය වෙන 3D තාක්ශණයත් එක්කනේ එන්නේ. ඉතින් අපට කොහෙන්ද 3D ටීවී, 3D මොනිටර. යාන්තන් ලංකාවේ පළවෙනි 3D ෆිල්ම් හෝල් එකත් ඊයෙද කොහෙදෝ මැජෙස්ටික් එකේ විවෘත කළේ. ඒත් ඉතින් මම හෝල් වලින් ෆිල්ම් බලනවා කියලයෑ. 3D ටීවී එකක් දැක්කෙත් BMICH එකේ තිබ්බ ප්‍රදර්ශණයකින්. එදා මාර ආසාවක් ඇති උනා ඒකටනම්. 

ඔය ගැන හිත හිතා ඉන්නකොටම අනන්තය ලියන අනුරාධ දවසක් කිව්වා මිනිහා 3D වීඩියෝ වගයක් බැලුවා කියලා මොනිටරෙන්. ඊයේ පෙරේදා මටත් හිතුනා අත්හදා බලන්න. දවස් දෙකක් විතර ට්‍රයි කරලා වැඩේ ගොඩ දාගත්තා ඕන්.

මෙන්න මෙහෙමයි මම 3D ෆිල්ම් බැලුවේ මොනිටරෙන්.
මුලින්ම 3D වීඩියෝ බලන්න නම් 3D කණ්නාඩියක් ඕනනේ. ඕවා ඉතින් ලංකාවේ ගන්න නෑනේ අඩු මුදලට. ඒ නිසා මමම එකක් හදාගත්තා. ඒක හදාගන්නේ කොහොමද කියලා මෙන්න මෙතනින් බලාගත්තේ.  ඔතන තියන පේපර් වර්ශන් එක තමා මම හදාගත්තේ. මාර්කර් පෙන් වලින් ට්‍රයි කලා. ඒක හරිගියේ නෑ. සෙලෝපේන් කඩදාසි දෙකක් අරන් වැඩේ ගොඩ දාගත්තා. රුපියල් 40යි ඒකට ගියේ. 

කණ්නාඩි හදාගත්තට, 3D ෆිල්ම් එකක් තියෙන්න එපැයි බලන්න. ඒකත් ටොරන්ට් මාර්ගයෙන් බාගත්තා. කොපිය බාගන්නකොට තෝරාගන්න ඕනා Anaglyph කියන වර්ගේ ඒවා. මම බෑවේ මෙන්න මේක.

මේවා බලනවනම් සමහර කොපිවලට විශේෂ ප්ලේයර් එකක් ඕනා වෙනවා. ඒත් මම බලපු Avatar ෆිල්ම් එකනම් KM ප්ලේයර් එකෙත් පේනවා. Stereoscopic Player එක තමා ටොරන්ට් එක දෙන අය අනුමත කරන්නේ. ඒක සල්ලිවලට ගන්න තියන එකක්. මෙන්න මෙතන තියනවා ඒකේ ක්‍රැක් කල එකක්. බුකියේ සමන් රත්නායක මහත්තයගේ දැනුවත් කිරීමකින් PowerDVD 11 එකත් ටෙස්ට් කරලා බැලුවා. ඒකෙත් නියමෙට පේනවා. ඒකේ ෆ්‍රී ඇක්ටිවේටඩ් කොපියක් තියනවා මෙතන. PowerDVD 11 වල නම් සාමාන්‍ය වීඩියෝ පවා 3D විදියට බලන්න පුළුවන් කණ්නාඩියක් තියේනම්...

එක එක ප්ලේයර්වල, එක එක ෆිල්ම් කොපිය අනුව සෙටින්ග්ස් හදාගන්න වෙනවා ප්ලේයරේ. ඒක අමාරු වෙන එකක් නෑ ටික වෙලාවක් ඒකත් එක්ක දඟලද්දී.

ෆිල්ම් එකත් බාගත්ත නම් දැන් බලන්නයි තියෙන්නේ.



ෆිල්ම් ටිකක් බාගන්න පාරවල් ටිකකුත් පෙන්වන්නම්කෝ මෙහෙමම.

37 comments:

  1. නියමයි ජනවාරියට පහු දෙසැම්බරය


    කරලා බලන්ට ඕනේ

    ReplyDelete
  2. ebay එකේ 3D කණ්නාඩි තියෙනවා බං රු 350ට විතර.

    ReplyDelete
  3. මමනම් Film අඩුවෙන් බලන්නේ. මගේ අන්තර්ජාල සම්බන්ධතාවය එක් බලනකොට Film බාන්න බැ එකයි. (Mb 100 බාන්න පැය 7 යනවා :)

    මොනවද 3D Film කියන්නේ ඇනිමේෂන් වගේද ? අහලානම් තියෙනවා එත් ඒ ගැන දන්නේ නෑ.

    ඇයි කන්නාඩි දාන්නේ මොනිටරේ Film යනවා පේන්නේ නැද්ද ?

    ReplyDelete
  4. බුදු අම්මෝ... හොඳ වෙලාවට මට තාම 3D ෆිල්ම් බලන්න හිතිල නෑ. ඒ වුණාට යම් දවසක නොහිතෙන එකකුත් නෑ.

    ReplyDelete
  5. හෑහෑ!! මැ‍ජෙස්ටික් එකේ 3D ෆිල්ම් හෝල් එකක් විවෘත කරා?. source එක දානවනන් පින්

    ReplyDelete
  6. මාත් දවසක් ප්‍රදර්ශනයක බැලුවා නොමිලේ තිබුන හින්දා!පිස්සු හැදෙනවා නේ!

    ReplyDelete
  7. මම නම් 3D පිස්සෙක්. අලුතෙන් ආපු හැම ෆිලුමක්ම 3D බැලුවා. ‍ලංකාවෙ 3D ෆිල්ම් හෝල් එකක් ඕපන් කරා කියන්නෙ පට්ට ආතල් ඈ.

    ReplyDelete
  8. ඒ මාරයිනේ.. හෙටම ට්‍රයි කරන්න ඔනි..:)

    ReplyDelete
  9. මෙච්චර කාලෙකට නොතිබ්බ ආසාවක් අද ඇතිවුනා (ඉක්මනටම ‍3D ෆිල්ම් එකක් බලන්න) :D

    ReplyDelete
  10. ඉටිකිරිස්! මටනං වඩා වැදගත් වෙන්නෙ ‍‍‍‍‍‍‍‍‍සිත්තරපටි වල ලින්ක් ටික

    ReplyDelete
  11. The Three Musketeers ලු යන්නෙ. ඇනිමේෂන් ෆිල්ම් එකකින්ම පටන් ගත්තනම් තමයි මැක්සා.

    http://www.ticketslk.com/movies/264/show_movie?upcoming_movies=true

    ReplyDelete
  12. මාත් දෙන්නම් දොඩං...

    ReplyDelete
  13. දැන්නම් ඉතිං බලන්නමයි හිතෙන්නේ!

    ReplyDelete
  14. අඩේ.. මේක සිරාවටමද ඈ...

    ReplyDelete
  15. වැඩිහිටි උනා කියල කට්ටිය කෑගැහුවට වාසල තවම ....... හරි හරි ඒව ඕනි නැහැ.

    උත්සාහ කරල බලමු.කඩෙන් අරන් කන්නාඩි දාලා බලනවට වඩා,තමන්ම හදල බලන එකෙත් ගතියක් තියෙනෝ නෙ.

    හරියට ගෙදර විශේෂ කෑමක් මුළු දවස තිස්සෙම හදල කනව වගේ තමයි.

    ReplyDelete
  16. සිරා ලිපියක් වාසල මලේ....! මෙහේ නම් එන තරම්ක් එන්නේ 3D ෆිල්ම් තමයි. කොහොමත් ටිකට් එකක් ලංකාවෙ සල්ලි වලින් නම් රුපියල් 1500ක් විතර වෙනවා. ෆිල්ම් හෝල් එකෙන්ම කණ්නාඩියක් දෙනවා (ඕනෙ නම් ගෙදර අරගෙන එන්න පුළුවන් ). මගේ ගාවත් ඒවා තුන හතරක් ඇති.

    මේ ක්‍රමේ ගොඩ දෙනෙක්ට ප්‍රොයෝජනවත් වෙයි. මම නම් දැන් බාන ෆිල්ම් බලන්නෙ මෙන්න මේ http://www.dlink.com/boxee/ ගැජට් එක ටී.වී එකට කනෙක්ට් කරලා. මේකෙත් ඔය 3D වැඩ කරයිද කියලා පොඩ්ඩක් හොයලා බලන්නා ඕනෙ....!

    ReplyDelete
  17. good idea thanks!

    ReplyDelete
  18. @ දුමි අය්යා : ආයේ එනකොට ඔය කන්නාඩි ටිකක් වැඩිපුර අරගෙන එනවද??

    පොස්ට් එක නිසා මටත් ආසාවක් ඇති උනා

    thanks

    ReplyDelete
  19. ගොඩක් හොඳ ප්‍රයෝජනවත් ලිපියක් වාසල . . .
    ලබන ආවුරුද්දේ මුල ඉඳන් ආපහු පරන ෆිල්ම් බලන හොබී එකට බහින්න ඕන . . .

    ReplyDelete
  20. මම 3D ෆිල්ම් එකකට මුලින්ම බැලුවේ ඇවටාර්.. ආයේ කියලා වැඩක් නෑ... ඊට පස්සේ බැළුවේ my bloody valantine කියන හොල්මන් ෆිල්ම් එක.. එදයින් පස්සේ 3D බැළුවේ නෑ..

    ReplyDelete
  21. නියමයි මචං...

    ReplyDelete
  22. ඇත්තටම වැදගත් ලිපියක්..

    මෙහෙත් එන තරමක් එන්නෙ 3D ෆිල්ම් තමයි අර දුමී අයියා කියල තියෙනව වගේ. මං නම් හැම සිකුරාදා රෑ, සහ සෙනසුරාදා හවස 4.30ට විතර වැඩ ඇරිලා එන ගමන් ෆිල්ම් 2ක් බලනවමයි. ලංකා සල්ලි වලින් රුපියල් 6000ක් විතර වෙනවා ටිකට් එකක්. මමත් කණ්නාඩි 3ක්ද කොහෙද නම් හොරෙන් ඉස්සුවා එහෙන් දුන්න, මෙහෙ ගෙදර ගෙනියන්න දෙන්නේ නෑ ඒවා. දැන් 3D බලලා, නිකන් ෆිල්ම් බලන්න හිතෙන්නෙත් නෑ කොටින්ම.
    :)

    ReplyDelete
  23. නියමයි. මාත් මේකක් හදා ගමි.. ඊට පස්සේ වටේ ඉන්න අයට 3D ෆිල්ම් ඉල්ලා වද දෙමි. :-) ඔය ගුල්ලන් එහෙනම් ඕවා බාල පරිස්සම් කරල තියාගන්න හොඳේ... වශලයියේ... :-) ඩිලිට් කරන්න හෙම එපා ඈ :-)

    ReplyDelete
  24. මේ කට්ටිය ළඟ හොඳ 3D කන්නාඩි විකුනන්න තියනවා . නියමෙට වැඩ

    http://www.slgadgets.info/index.php?route=product/product&keyword=3d&category_id=0&product_id=59

    ReplyDelete
  25. මමත් 3D චිත්‍රපට කිහිපයක් බැලුවා හෝල් වලම. Transformers-3, Harry Potter ( final). ලගදීම බැලුවේ Ra-One. එලම තමා... ඒ ආසාව නිසාම දැන් 3D Sony Bravia TV එකක් අරගත්තා. පට්ට... දැන් ඉතින් Download කර කර බලනවා. ඉස්සර මමත් ඔය වගේ කණ්ණාඩි දෙකක් හදාගෙන බැලුවා මොනිටරයෙන්. ඒකත් එල. ස්තූතියි ලිපියට වාසල.

    ReplyDelete
  26. ගොඩක් ස්තුතියි සහෝ

    ReplyDelete
  27. 3D walata wada honda ekak thiyenawa iMax kiyala..... puluwannam iMax balanna....... 3D kale

    -Romi-

    ReplyDelete
  28. learn about IMAX

    http://www.imax.com/about/

    ReplyDelete
  29. ed glasses tiyenawa nam lcd,led monitor ekakin 3d movies balanna puluwanda?
    ebay walin Rs 100 wage 3d galsses gennagana puluwan.Monwada me deken honda?

    http://www.ebay.com/itm/Magenta-Green-Cyan-Plastic-3D-Glasses-3-D-Dimensional-/190486302496?pt=AU_Home_Personal_Security&hash=item2c59de4f20#ht_4377wt_907


    http://www.ebay.com/itm/1-Pair-Red-Blue-Anaglyph-3D-Vision-Myopia-General-Glasses-Movies-Games-Photos-/220906928117?pt=LH_DefaultDomain_0&hash=item336f1437f5#ht_4172wt_952

    ReplyDelete
  30. Sucks man. I made a pair just as it explained and it sucks; can't even watch the youtube 3d clips properly. :(

    ReplyDelete
  31. ගොඩාක් ස්තූතියි, මම කන්නාඩි 4ක්ම ebay එකෙන් ඕඩර් කලා. ආපු ගමන් වැඩ පටන්ගන්නව.

    ReplyDelete
  32. ෆට්ට. මම අපේ අයියලගෙ ගෙදරින් 3ඩී ස්ටෙපප් බලුවැ ෆට්ට මචෝ. කන්නාඩිකුට්ටම නැති නිසා තමයි දුකේ හිටියේ. මේක ට්‍රයි කරන්න ඕනේ. ෆිල්ම් ගොඩක් අයිය ලග තියෙනවා.. ජය..

    ReplyDelete
  33. man paper version eka try kala. eth hari giye nane sahoo... mekata ganna ona kola jathiya mokakda.

    ReplyDelete
  34. ebay එකෙන් කන්නාඩියක් ගත්තා රු 100 යි. මෙන්න බොලේ කන්නාඩි 2ක් ම ආවා.........

    ReplyDelete
  35. Ane mama nam kawdawath 3d film balala na.e gana danneth na.sirawatama oyala hamoma danna nisa mata danganna podi vistharayak dannako.

    ReplyDelete
  36. නියමයි වාසල අයියා.

    ReplyDelete
  37. ෆිල්ම්/ටීවී සීරිස් වල ඩිරෙක්ට් ලින්ක් ඕන අය එන්න
    http://goo.gl/9IV2dr

    ReplyDelete